කටුනායක සිට පෑලියගොඩ දෙසට අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපබෝගී බස් රථයක් පෙරැළී යාමෙන් රියදුරාට බරපතල තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුව ඇත්තේ කිලෝ මීටර 25 ආසන්නයේ දී ය. පොලීසිය පවසන්නේ බසයේ ඉදිරිපස ටයරයක් පුපුරා යාම හේතුවෙන් රියදුරාට බසය පාලන කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි.
ඊයේ (11) 10.00 ට පමණ මෙම අනතුර සිදුවූ බව ද පොලිසිය කියයි. අධිවේගී මාර්ග පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.