spot_img
spot_imgspot_img

නාමල්ට පිළිතුරු දෙන බව විදුලිබල මණ්ඩලය කියයි

පුවත්

විදෙස්

රුපියල් ලක්ෂ 26ක නොගෙවූ විදුලි බිල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලෙස නැවත ලිපියක් යොමුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු හිටපු මන්ත්‍රී නලින් හේවගේ විසින් තොරතුරු පනත යටතේ කරන ලද විමසීමකට අදාලව ලැබුණු පිළිතුරකින් හෙළිිදරව් වී තබුණේ පාර්ලිමේන්තුම මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයට සමගාමීව හිටපු ජනාධිපතිවරයා පැමිණෙන උත්සවයකට බව කියමින් ආරක්ෂක විදුලි පහන් සහ විදුලි ජනන යන්ත්‍ර ලබාගෙන ඇති බවයි.

මෙම තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඒ පිළිබඳ විමසා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපිය් යොමුකර තිබිණි. එම ලිපියට පිළිතුරු යවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු එවැනි බිල්පතක් ගෙවීමක් පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලයෙන් මන්ත්‍රීවරයාට දැනුම් දී නැතැයි ද ප්‍රකාශ කර තිබිණි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විදුලි බල මණ්ඩලයට යොමුකළ ලිපියේ සඳහන් කර ඇත්තේ මෙවැනි මුදලක් ගෙවීම සඳහා අදාල බිල්පතක් තම පියාගේ නමට හෝ තමාගේ නමට මෙතෙක් ලැබී නොමැති බවයි.  එබැවින් මේ සම්බන්ධයෙන් වහාම පැහැදිළි කිරීමක් කරන ලෙස ද මන්ත්‍රීවරයා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසන්නේ මන්ත්‍රීවරයා ඉල්ලා ඇති පරිදි එම බිල්පත් සම්බන්ධයෙන් පැහැදිළිකිරීමක් ඉතාත් ඉක්මණින් ලබාදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!