spot_img
spot_imgspot_img

ඇවන්ගාර්ඩ් හඬපටය බොරුවක්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිදොස් බව කියයි

පුවත්

විදෙස්

හඬපටයක් හේතුවෙන් වැඩ තහනමකට ලක්ව සිටි, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ  එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම හඬපටය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ වාර්තා සැළකිල්ලට ගනිමිනි. එම වාර්තාවල සඳහන් කර ඇත්තේ ඇවන්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතර ඇති වූ බව කියන සාවදයේ පටිගත කරන ලද ශබ්දය සංස්කරණය කරන ලද්දක් බවයි.  

2019 වසරේදී අදාළ හඬ පටය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම වසරේ සැප්තැම්බර් මස 24 වනදා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තාවකාලිකව වැඩ තහනමට ලක්කළේය.

කෙසේ වෙතත් 2021 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වූයේ එම හඬපටය සම්පූර්ණ දුරකථන සංවාදයෙන් විකෘති කර සාදන ලද්දක් බවය.

මෙම සිදුවීම එකළ දේශපාලන වේදිකාවේදී දැඩි කතාබහකට ලක්වූ සිදුවීමක් වූ අතර එහිදී දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලා සිටියේ තමන් සමග සිදුකළ සම්පූර්ණ හඬපටය ප්‍රසිද්ධියට පත්කරන ලෙසය. අදාළ සිදුවීම වන අවස්ථාවේ ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස රාජකාරියේ නිරතව සිටියාය.

මේ වනවිට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විශ්‍රාම ගෙන සිටින අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙම තීරණයත් සමග ඇයට හිමිවිය යුතු හිඟ වැටුප් සහ වරප්‍රසාද ඉදිරියේදී හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!