spot_img
spot_imgspot_img

මීරිගම දුම්රිය අනතුරක්, දුම්රිය ධාවනයත් නවතී

පුවත්

විදෙස්

මීරිගම, විලේවත්ත දුම්රිය හරස්මාර්ගයේ දී භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයක් පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කාර්යාල දුම්රියක අද (09) උදෑසන ගැටීමෙන් අනතුරක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් ම ඇණහිට ඇත.

දුම්රියේ ගැටුණු කන්ටේනරය මීටර 100ක් පමණ ඇදී ගොස් තිබෙන අතර දුම්රිය විදුලි සංඥා පද්ධතියට සහ දුම්රිය ගේට්ටුවට ද  හානි සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනතුරින් දුම්රිය එන්ජිමට ද දැඩි හානි සිදුව ඇති අතර කන්ටේනරයේ ගමන්ගත් පුද්ගලයන් රෝහල්ගත කිරීමට ද කටයුතු කර ඇත. ඔවුන්ගේ තත්වය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!