10.2 C
New York

පෙමට පිටුපෑවා යැයි පාසල් සිසුවියකට තරුණයෙක් පිහියෙන් ඇනලා

Published:

ප්‍රේම සම්බන්ධතාවක් නතර කළා යැයි උරණ වූ 24 හැවිරිදි තරුණයකු 16 හැවිරිදි පාසල් සිසුවියකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකර ඇතැයි හසලක පොලිසිය පවසයි.

අද (08) උදෑසන මොරයාය සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට දී තවත් පිරිසක් බලා සිටිය දී ම මෙම පිහිඇනුම සිදුව ඇත.

තුවාල ලැබූ පාසල් සිසුවිය මහියංගනය රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී තරුණිය එය වසරකට පමණ පසු නතර කර දැමීම හේතුවෙන් මෙලෙස ඇයට පිහියෙන් ඇන ඇතැයි පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වන බව ද පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ පාසල් සිසුවිය එම තරුණයා හඳුනාගෙන ඇත්ත් අන්තර්ජලා භාවිතයෙන් බවයි. පාසල් සිසු සිසුවියන්ට අන්තර්ජාල පහසුකම් සහිත දුරකථන සහ පරිගණක ලබාදීමේ දී දෙමාපියන් තම දරුවන් ගැන මීට වඩා දරුවන් ගැන අවදානයනේ සිටිය යුතු බව පොලිසියේ ළමා හා කාන්තා කටයුතු කාර්යාංශය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img