-2.5 C
New York

සිසුන් 100කට වැඩි පිරිසක් රෝහල්ගත කර, ගණකාධිකාරීට මරු කැඳවූ රසායන ගබඩාවේ අනතුර

Published:

කඳානේ, දැවතොටුපොළ පාර ප්‍රදේශයේ  පිහිටි රසායනික කර්මාන්තශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් එක් අයකු මියගොස් ඇති අතර, එම අනතුර හේතුවෙන් පිට වූ විෂ දුම් ආශ්වාස කළ පාසල් සිසු සිසුවියන් 100කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

මෙම කර්මාන්තශාලාව පිරිසිදුකාරක ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයකි. එහි ගබඩාවේ ගින්න හටගෙන ඇති බවත් ගින්නෙන් ගබඩාව මුළුමනින්ම විනාශ වී ඇති බවත් වාර්තා වේ. පොලිසිය පවසන්නේ ගින්නෙන් මියගොස් ඇත්තේ එහි ගණකාධිකාරීවරයකු ලෙස සේවය කරමින් සිටි ගණේමුල්ලේ පදිංචි 50 හැවිරිදි අයකු බවයි. ගින්න හටගන්නා අවස්ථාවේ එහි සිට ඇත්තේ ඔහු පමණි.

මේ අතර කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නෙන් පසු එහි දුම ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබූ අතර ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලය, ශාන්ත සෙබස්තියන් ප්‍රාථමික බාලිකා විද්‍යාලයේ හා ශාන්ත සෙබස්තියන් පිරිමි ප්‍රාථමික අංශයයේ සිසුන් පිරිසකට දුම ආඝ්‍රාණය වීමෙන් ස්වසන අපහසුතා ඇති වී රාගම රෝහල වෙත ඇතුළත් කෙරුණි.

එලෙස රෝහල්ගත කළ සිසු සිසුවියන් පිරිස 102ක් බවත් ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් රාගම රෝහලේ බලධාරීන් පවසයි.

Related articles

Recent articles

spot_img