කොරෝනා හේතුවෙන් සිදුවන මරණවල අවසන් කටයතු කරන ආකාරය පිළිබඳ කිසිදු වෙනසක් මෙතෙක් සිදුකර නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බන්ඩාර පවසයි.
මෙහි දී අමාත්‍ය රඹුක්වැල්ල කියා සිටියේ මුස්ලිම් ජාතිකයන්ගේ මරණ සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බවයි. මේ ප්‍රශ්නය අවස්ථා ගණනාවක දී ම කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගත් බවත් ඒ සෑම අවස්ථාවක දී ම මේ සම්බන්ධ සෞඛ්‍ය බලධාරීන්ගේ මතවාදයට හා විද්‍යාත්මක පදනමට ගරු කළ බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
“ඊයේ කැබිනට් මන්ඩලයේ දී අලි සබ්රි අමාත්‍යවරයා මේ සම්බන්ධව කතා කළා. ඔහු නිතරම ඒ ගැන කතා කරනවා. මළ සිරුරු සම්බන්ධයෙන් ඇති නීතිරීති තුළ මෙය කළ යුත්තේ කෙසේ ද කියන එක සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වුණා. විශේෂයෙන් ම වියළි කලාපය මේ සඳහා යොදා ගැනීමට. ජල මට්ටම් හා තවත් සාධක ගැන කතා කළා. එ් සම්බන්ධ කරුණු, යෝජනා සියල්ල ගැන අවසන් තීන්දුව ගැනීමට සෞඛ්‍ය බලධාරීන් හා තීන්දු ගන්නා කණ්ඩායම්වලට භාර දෙන්න තමයි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වුණේ. මේ ගැන කැබිනට් මණ්ඩලය තීරණය කරනවාට වඩා සෞඛ්‍ය හා තාක්ෂණික ක්ෂේත්‍රවල අය තීරණය කළ යුතුයි කියන මතය තමයි ඉදිරිපත් වුණේ.”
මේ පිළිබඳ අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ වියළි කලාපයේ විශේෂති භූමියක භූමදානය කිරීමට අවසර දීම පිළිබඳ සෞඛ්‍ය අංශ සළකා බලමින් සිටින බවයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ තීරණයට කැබිනට් මණ්ඩලය විරුද්ධ නොවූ බව ද අමාත්‍ය අමරවීර පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මෙසේ පවසයි.
“කොරෝනා වසංගතය පැතිරගිය මුල් කාලයේ ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පදනම් කරගෙන කොරෝනාවලින් මියයන අයගේ සිරුරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සියල්ල ආදාහනය කරනවා. මේ තීන්දුව ගත්තේ විද්‍යාත්මක හා තාක්ෂණික කාරණා සියල්ල සළකා බලා. දැනට කරන්නේ ආදාහනයකිරීම පමණයි. මේ තීරණ පදනම් කරගත් කාරණා ගැන කිසිම වෙනස්කමක් සඳහන් වෙන්නේ නැහැ. ඒ තීන්දුව වෙනස් කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු දැනුම් දීමක් කිසිම තැනකට සිදුකර නැහැ.”
“ නව කොරෝනා වයිරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදාන කිරීමට රජය අවසර දී ඇත” යනුවෙන් සඳහන් සිලෝන් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නමැති පුද්ගලයකුගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයකට සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (09) රාත්‍රියේ සිට විශාල ප්‍රචාරයක් ලැබිණි.