ශ්රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු යානයක් ත්රිකුණාමලය චීන වරයා කඳවුර ආසන්නයේ දී කඩා වැටී එහි ගමන්කරමින් සිටි නිලධාරීන් දෙදෙනා මියගොස් ඇතැයි ගුවන් හමුදාව පවසයි.
නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගන්නා මෙම PT 6 නමැති මෙම යානය අද (07) උදෑසන 11.27ට පමණ අනතුරට ලක්ව ඇත.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් අනතුර පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බව ද ශ්රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.
2020 දෙසැම්බර් මාසයේ දී ම මෙම වර්ගයේ යානයක් කඩා වැටිණි.