spot_img
spot_imgspot_img

ඉන්සියුලින් නැතිව, දියවැඩියා රෝගීන් අමාරුවේ

පුවත්

විදෙස්

රජයේ රෝහල්වල මෙන්ම පුද්ගලික ඔසුසැල්වල ද ඉන්සියුලින් නොමැතිවීම හේතුවෙන් රටපුරා දියවැඩියා රෝගීන් දැඩි අවදානම් තත්වයකට පත්ව තිබේ.

දියවැඩියා රෝගීන් සඳහා වර්ග තුනකින් ඉන්සියුලින් ලබාදීම සිදුකරයි. ක්ෂණිකව ක්‍රියාකරන ඉන්සුයිලින්, මද වේගයකින් ක්‍රියාකරන (මිශ්‍ර) ඉන්සියුලින් සහ අඩු වේගයකින් ක්‍රියාකරන ඉන්සියුලින් වශයෙන් මෙම වර්ග තුන නම්කර ඇති අතර දැනට රජයේ රෝහල්වල ඇත්තේ ක්ෂණික ක්‍රියාකාරීත්වය සහිත ඉනිසියුලින් පමණි.

දියැවැඩියාව වෙනත් ඖෂධවලින් පාලනය කළ නොහැකි රෝගීන්ට, අග්න්‍යාශයේ දුර්වලතා හේතුවෙන් ඉන්සියුලින් නිපදවීම ප්‍රමාණවත් නැති රෝගීන්ට සහ ස්වභාවිකව ඉන්සියුලින් නිපදවීම සිදු නොවන රෝගීන්ට මෙලෙස ඉන්සියුලින් ලබාදෙන අතර එය නිවසේ සිටම පහසුවෙන් ලබාගත හැකි ප්‍රතිකාරයකි.

නමුත් මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉන්සියුලින් නොමැති තත්වයක් උදාවී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙරට ලියාපදිංචි සමාගමකින් ඉන්සියුලින් ඇණවුම් කළ ද එය ලබාදීම දිගින් දිගටම පමාද වන බැවින් මේ ගැටලුව මතු වී ඇති බවයි.

එවැනි හදිසි අවස්ථාවක දී මෙරට ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැතත් ජාත්‍යන්තරව පිළිගත් සමාගමකින් අදාල ඖෂධ මිල දී ගැනීමට හැකියාව පවතී.

සෞඛ්‍ය අමාත්‍යාංශය ද ඉන්සියුලින් හිඟයක් පවතින බව පිළිගනී. ලෝකයේ ඉන්සියුලින් නිෂ්පාදනය කරන සමාගම් ඇත්තේ සුළු ප්‍රමාණයක් බැවින් ඔවුන් විශාල ඇණවුම්වලට වැඩි අවදානයක් යොමුකරන බැවින් ප්‍රමාදයක් සිදුව බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේ වුව ද ලියාපදිංචිය නොතකා ජාත්‍යන්තරව පිළිගත් සමාගමකින් ඉන්සියුලින් මිල දී ගැනීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචිය නිදහස් කිරීමේ කමිටුව අධිකාරියේ ලියාපදිංචියක් නැති සමාගමකින් මිල දී ගැනීම සඳහා මෙතෙක් අවසර ලබා දී නැත.

ඖෂධ නියාමන අධිකාරියෙන් විමසූ විට එහි ප්‍රධානියකු කීවේ මේ සඳහා අවසර ලබා නොදුන්නේ කරුණු කිහිපයක් හේතුවෙන් බවයි.

ඉන්සියුලින් සැපයීමේ ටෙන්ඩරය බාගත් සමාගම මින් පෙර ලබාගත් ඖෂධ සඳහා ගෙවීම් පැහැර හැර ඇති නිසා මේ තත්වය උදාවී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. එම ටෙන්ඩරය අනුව හදිසි අවස්ථාවක දී එකඟ වූ ඖෂධ ප්‍රමාණයට වඩා 50%ක් වැඩිපුර ලබාදීමට අදාල ටෙන්ඩර් හිමිකරු එකඟ විය යුතු වුව ද ඔවුන් ගෙවීම් පැහැර හැර ඇති නිසා මේ අවස්ථාවේ එය කළ නොහැකි බව අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් අප කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ ඉන්සියුලින් ගොන්වීම සඳහා සමාගම් 04ක් ලියාපදිංචි වී ඇති බවයි. එම සමාගම් අතරින් මීට පෙර ඇණවුම් බාරගත් සමාගම අදාල නිෂ්පාදන ආයතනවලට ගෙවීම් පැහැර හැර ඇතැයි පවසමින් ලියාපදිංචි අනිකුත් සමාගම් ද අමතක කර හදිසි මිල දී ගැනීමක් ලෙස අධි මිලට ඉන්සියුලින් මිල දී ගැනීමේ සූදානමක් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශයෙ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!