spot_img
spot_imgspot_img

වැඩකට නැති NVQ පාඨමාලා කළ ආයතනවලට වැඩ වරදී

පුවත්

විදෙස්

ගුණාත්මක බවින් තොර පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 81ක් අත්හිටුවීමට කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ තෘතීක කාර්මික අධ්‍යාපන පිළිබඳ අනු කමිටුව පවසයි..

එම ආයතන පිළිබඳ පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කර ඒවා මුද්‍රා තබන ලෙස ද අදාල නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජාතික වෘත්තීය නිපුණතා සහතික ලබාදෙන පාඨමාලා නිසි පිරිදි නියාමනය කළ යුතු බවත්, වෘත්තීය පුහුණු ආයතන සහ සම්පත් ඒකරාශී  කිරීමට පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම කඩිනම් කරන්නැයි  අනු කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

ඉහළ වැටුප් සහිත ඇතැම් විදේශීය රැකියා සදහා විශාල ඉල්ලුමක් පවතින බැවින් ගුණාත්මක බවින් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම සදහා සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව අනුකමිටුව අවධාරණය  කළේය. නමුත් මෙම ආයතන මුදල් ලාභ ඉපයීම අරමුණු කරගෙන ම පවත්වාගෙන ගොස් ඇති බවත් එම ආයතන මගින් ලබාදෙන පාඨමාලා ගුණාත්මක නොවන බවත් අනු කමිටුව පෙන්වා දෙයි. තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින්  පත්කරන ලද අනුකමිටුව එහි  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  මධුර විතානගේ මුලසුන දරමින් රැස්වූ අවස්ථාවක දී ය.
අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතනවල  ප්‍රධානීහු  මෙම සාකච්ඡාවට කැඳවනු ලැබ සිටියහ.

ඇතැම් වෘත්තීය පුහුණු ආයතනවල කාර්ය සහ අරමුණු ඒකාකාරීවීම ගැටලුවක් බැවින් යම් පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!