-0.7 C
New York

වනිඳුගේ දස්කම්, කැන්ඩි පිල දිනවයි

Published:

වනිඳු හසරංග දැක්වූ විශිෂ්ඨ දස්කම් හේතුවෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කරමින් කැන්ඩි බි ලව් කණ්ඩායම ප්‍රිමියරී ලීග් තරඟාවලියේ 09 වැනි තරඟය කඩුලු 08කින් ජයගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 09ක් දැවී ලකුණු 117ක් පමණි. වනිඳු විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් සිය ඕවර 04 දී ප්‍රතිවාදීන්ට ලකුණු 09ක් පමණක් ලබා දී කඩුලු 03ක් දවාගත්තේය. ඔහුට අනගි සහයක් දුන් නුවන් ප්‍රදීප් සිය පන්දුවාර 04 දී කඩුලු 03ක් දවාගත්තේ ලකුණු 36ක් ලබාදෙමිණි.

ජැෆ්නා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දුනිත් වෙල්ලාලගේ ය. ඉනිම අවසන්වන තුරුම කඩුල්ලේ රැඳී සටි වෙල්ලාලගේ නොදැවී ලකුණු 38ක් ලබාගත්තේ හයේ පහර 01ක් සහ හතරේ පහර 06ක් සමිගිනි. ඔහු මුහුණ දුන් පන්දු සංඛ්‍යාව 27කි. ප්‍රියමාල් පෙරේරා ලකුණු 22ක් ද, ඩේවිඩ් මිලර් ලකුණු 21ක් ද රැස් කළහ.

ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කැන්ඩි බි ලව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් 42 සමඟ එක්ව නායක වනිඳු හසරංග වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු පන්දු 22ක දී හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් සමඟ නොදැවී ලකුණු 52ක් රැස්කළේය. දිනේෂ් චන්දිමාල් ද පන්දු 16කින් ලකුණු 22ක් රැස්කළේය.

Related articles

Recent articles

spot_img