-0.7 C
New York

පාසල් අධ්‍යාපනයේ ලොකු වෙනසක් ගැන අධ්‍යාපන ඇමති කියයි

Published:

පාසල් වැඩ පොත් කොටස් තුනකින් ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.

ඒ අනුව ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක් වැඩපොතක් වශයෙන් දැනට ඇති පාසල් වැඩපොත් කොටස් තුනකට වෙන්කිරීමට නියමිත.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (05) ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවට සහභාගී වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ සිසු බෑගයේ අධික බර අඩුකිරීම සඳහා මේ තීරණය ගත් බවයි.

2024 වර්ෂයේ පළමු වසරේ සිට වාර විභාග අඩුකර වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව ද අමාත්‍යවරයා කීවේය.

එසේ සිදුකළ හැකි වුවහොත් සෑම පාඩමක් හෙවත් මොඩියුලයක් අවසානයේ තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බවත් මුල දී මෙය විභාග ලකුණු 70%ක් හා මොඩියුලයේ ලකුණු 30%ක් වශයෙන් සැලකෙන නමුත් ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේ දී පාසල් පැමිණීම, රැඳීසිටීම හා එදිනෙදා පන්තියේ වැඩකිරීම අනිවාර්ය වන බැවින් අමතර පන්තියෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img