කොරෝනා මරණ ගැන සොයන්න විශේෂ කමිටුවක්

0
87

කොරෝනා මරණ පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර වාර්තාවීමත් සමඟ මෙරට සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් මෙවැනි කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

මෙම කමිටුව සඳහා ප්‍රාථමික සත්කාර අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු සභාපති ලෙස පත්කර ඇති අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් සහ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා අනෙක් සාමාජිකයන් දෙදෙනා වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර වාර්තාවීමෙන් පසු මරණ 28ක් මේ දක්වා සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here