spot_img
spot_imgspot_img

වකුගඩු ඉවත්කිරීමෙන් මියගිය දරුවාගේ මරණය ගැන පරස්පර විරෝධී වෛද්‍ය වාර්තා එළියට

පුවත්

විදෙස්

සැත්කමක් කිරීමේ දී, වකුගඩු දෙකම ඉවත්කිරීම හේතුවෙන් මියගිය වයස අවුුරුදු 03ක දරුවාගේ මරණය සම්න්ධයෙන් අධිකරණයේ දී කරුණු රැසක් අනාවරණය වී ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් විසිනි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසන්නේ ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ලබාදුන් එකිනෙක පරස්පර විරෝධී තීරණ ඇතුළු ගැටලුකාරී තීරණ කිහිපයක් හේතුවෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාාරියකු වන මොහොමඩ් නිසාර් රුහුල් හක් ගේ ලියාපදිංචිය 2022 දෙසැම්බර් මාසයේ දී තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. ඔහු මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ එම තහනම ක්‍රියාත්මක කාලයේ දී බැවින් එම මරණ පරීක්ෂණය නීති විරෝධී බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙන්වා දෙයි.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් කර ඇත්තේ මියගිය තුන් හැවිරිදි දරුවාට උපතින්ම තිබී ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණේ වෛද්‍යවරුන්ගේ අත්වැරදීමකින් දරුවාගේ වකුගඩු දෙකම ඉවත්කර ඇති බවයි. නමුත් අධිකරණ වෛද්‍ය රුහුල් හක්ගේ වාර්තාව පදනම් කරගෙන පොලිසිය දැන් අධිකරණයට පවසන්නේ තිබුණේ එක් වකුගඩුවක්  පමණක් බවයි.

දරුවාගේ ඥාතීන් වෙනුවෙන් ඉදිරිපත්ව සිටින නීතිඥවරු අධිකරණයට කියා සිටියේ රුහුල් හක් වෛද්‍යවරයාගේ වාර්තාව අසත්‍ය සහ පදනම් විරහිත එකක් වයි.

දරුවා රෝහලට ඇතුළත් කළ පසු හා ඊට පෙර සීටී ස්කෑන් පරීඛ්සණ ඇතුළු පරීක්ෂ 1ක් පඹණ සිදුකර ඇති බවත් ඒ සියලු පරීක්ෂණවල දී දරුවාට වම් පැත්තේ සහ දකුණු පැත්තේ වකුගඩු දෙකක් පිහිටා තිබූ බව සනාථ වී තිබෙන බවත් නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ. එබැවින් දැනට තාවකාලික වැඩ තහනමකට ලක්ව සිටිය ද නීති විරොධී ලෙස වෛද්‍ය සේවාවේ ම නිරතවන රුහුල් හක් නමැති වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අසත්‍ය සහ පිළිගත නොහැකි බව ඔවුහු කීහ.

අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මීට පෙර ද අධිකරණය හමුවේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු අවුල් සහගත වන ආකාරයෙන් වාර්තා ඉදිරිපත් කර තිබෙන බව නීතිඥවරු පෙන්වා දුන් අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය ද එය පිළිගත්තාය.

ඒ අනුව ඇය නියෝග කළේ ස්වාධීන සාක්ෂි ඔස්සේ විමර්ශනයක් සිදුකරන ලෙසයි. එමෙන්ම සැත්කම සිදුකර ඇති වෛදයවරයා සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

දරුවාට තිබුණු වකුගඩු සංඛ්‍යාව සැත්කම සිදුකරන වෛද්‍යවරයාට කලින් දැනගත හැකි බවත්, එක් වකුගඩුවක් තිබුණේ නම් එය සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට තරම් වෛද්‍යවරුන් අනුවණ දැයි මහේන්ත්‍රාත්වරිය ප්‍රශ්න කළාය.

එමෙන්ම අත්වැරදීමකින් වකුගඩු දෙක ම ඉවත්කර ඇති බවට මින් පෙර අධිකරණයට කරුණු වර්තා කර, දැන් එක් වකුගඩුවක් පමණක් තිබුණේ යැයි කියන්නේ නම් අනෙක් වකුගඩුවට කුමක් සිදුවූයේ ද යන්න සොයාබැලිය යුතු බව ද මහේස්ත්‍රාත්වරිය කීවාය.

ඒ අනුව මේ සම්බන්ධ සාක්ෂි විභාගය ලබන 09 වැනි දා පැවැත්වීමට තීරණය කර තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් වෙත ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එල්ලකරන චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන්ගේ වෛද්‍ය සේවා සම්න්ධයෙන් තාවකාලික තහනමක් පැණවුව ද තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අභියාචනයක් සිදුකර එම තහනම ඉවත්කරගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!