රාගම නිවසකින් 41 වැනි මරණය වාර්තාවෙයි

0
132

මෙරට දී කොරෝනා හේතුවෙන් සිදුවූ 41 වැනි මරණයත් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එම මරණය සිදුව ඇත්තේ රාගම ප්‍රදේශයේ නිවසක දී බවත් මියගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයකු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත. ඔහුගේ මළ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔහු දීර්ඝ කාලයක් පිළිකාවකින් පීඩා විඳි අයකු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here