spot_img
spot_imgspot_img

“පාංශකූලය ඕනෑනම් 24,000ක් දඩ ගෙවන්න” විහාරාධිපති හිමි කියයි

පුවත්

විදෙස්

තම මවගේ මරණයේ අවසන් කටයුතු කරන අවස්ථාවේ දී බෞද්ධ චාරිත්‍ර අනුව පාංශුකූල කටයුතු ඉටු කිරීමට නම් රුපියල් 24,000.00ක මුදලක් ගෙවන ලෙස ගමේ විහාරස්ථානයේ හිමියන් විසින් දැනුම් දීමෙන් තම ආගමික අයිතිය අහිමිකර ඇතැයි පුද්ගලයකු දිඹුලාගල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඉන්පසු පොලිසිය මැදිහත් වී වෙනත් විහාරස්ථානවලින් භික්ෂූන් වහන්සේලා පිරිසක් ගෙන්වා මියගිය කාන්තාවගේ පාංශකූල කටයුතු කර තිබිණි. මෙම අවස්ථාවේ දී පොලිසිය විසින් එම නිවසට ආරක්ෂාව පවා යොදවා තිබූ බව සඳහන්ය.

අරලගංවිල සූරියගල රුහුණගම පදිංචිව සිට 66 හැවිරිදි මවකගේ මරණය සම්බන්ධයෙන් මෙසේ කටයුතු කිරීමට සිදුව ඇත. අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල පවසන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් පොලිසියට කැඳවා පැය දෙකකට වැඩි කාලයක් කරුණු පැහැදිළි කර සිද්ධිය සමථයකට පත්කිරීමට උත්සාහ ගත් බවයි. නමුත් විහාරාධිපති හිමියන් රුපියල් 24,000.00ක මුදලක් ඉල්ලා සිටීම දිගින් දිගටම සිදුකළ බැවින් සිද්ධිය සමථයකට පත්කිරීමට නොහැකි වූ බැවින් වෙනත් ස්ථානයකින් භික්ෂූන් වැඩමකරවීමට පොලිසිය ද මැදිහත් වූ බව ස්ථානාධිපතිවරයා කීවේය.

විහාරාධිපති හිමියන් පවසා ඇත්තේ මෙම පවුලේ සාමාජිකයන් වසර 02ක පමණ කාලයක් විහාරස්ථානයට දානය ලබා නොදුන් බවයි. එබැවින් එක් මාසයකට රුපියල් 1,000.00 බැගින් විහාරස්ථ දායක සභාවට රුපියල් 24,000.00ක දඩයක් ගෙවන ලෙස පැවසූ බව ද විහාරාධිපති හිමියන් ප්‍රකාශ කර තිබේ.

මියගිය මවගේ පුතු පවසන්නේ මව රෝගාතුරව සිටීම සහ විවිධ අපහසුතා නිසා වසර දෙකක පමණ කාලයක් විහාරස්ථානයට දානය ලබාදීමට නොහැකි වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!