spot_img
spot_imgspot_img

ලිට්‍රෝ ගෑස් මිලට සිදුවන දේ ‍

පුවත්

විදෙස්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල වැඩි නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කර සිටී.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් මිල සූත්‍රයට අනුව ගෑස් සිලින්ඩරයක් රුපියල් 470.00කින් පමණ ඉහළ දැමීම මේ අවස්ථාවේ කළ යුතු වුවත් එය සිදු නොකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් පාරිභෝගිකයන් ලක්ෂ 60ක් පමණ සිටින බැවින් ඔවුන්ට එම සහනය ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම කීවේය.

කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 2,982.00ක් ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,198.00ක් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 561.00ක් ද ලෙස, තව දුරටත් පවතින බව ද එම සමාගම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!