-1.6 C
New York

ජල ගාස්තු වැඩිවන්නේ මෙහෙමයි

Published:

ජල ගාස්තු අගෝස්තු මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. ඊට අදාල ගැසන් නිවේදනය ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් නිකුත් කර ති‍බිණි.

සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේ දී  සිදුකර නොමැති බව සඳහන් ය.

ගෘහස්ථ ජල ගාස්තුව මුල් ඒකක 05 සඳහා රුපියල් 20ක් වු ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේ දී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දමා තිබේ. පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද ඉහළ දමා ඇත.

ඒකකයක් සඳහා අය කරන ගාස්තුව ඉහළ දැමීමට අමතරව මාසික සේවා ගාස්තුව ද ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

ගෘහස්ථ පරිභෝජනයේ නව ගාස්තු වැඩිවීම පහතින්,

0 – 5 ඒකකයක් රු. 60
මාසික ගාස්තුව රු. 300

6 -10 ඒකකයක් රු. 80
මාසික ගාස්තුව රු. 300

11 -15 ඒකකයක් රු. 100
මාසික ගාස්තුව රු.300

16 – 20 ඒකකයක් රු. 110
මාසික ගාස්තුව රු. 400

21 – 25 ඒකකයක් රු. 130
මාසික ගාස්තුව රු. 500

Related articles

Recent articles

spot_img