-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 25,641ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,867ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 60ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,446ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්ක

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 692
  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 496
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 308

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
  • ඩීඑෆ්සීසී බැංකුව කොටස් මිලියන 05
  • ජෝන් කීල්ස්  සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ක්‍රිස් වර්ල්ඩ් සමාගම  09%
  • කෙල්සි ඩිවෙලොප්මන්ට් සමාගම 08%
  • ගෝල්ෆේස් කැපිටල් සමාගම 07%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 1.95ක් රුපියල් 170.00 බැගින්
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් 850,000ක් රුපියල් 105.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 289
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 235
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 232

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 456ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 132ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 324ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 172
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 99
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 44

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 12
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස්  සමාගම රුපියල් මිලියන 07
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img