කොවිඩ් – 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 ක මුදලක් අයකිරීම සඳහා බස්රථ වලට අවසරදීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථවල රුපියල් 12.00ක් වූ අවම ගාස්තුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 14.00 දක්වා ඉහළ යයි.
වසංගත තත්ත්වය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතය සම්බන්ධයෙන් මාර්ගෝපදේශමාලාවක් අද (10) පස්වරුවේ නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මේ බව කියා සිටියේය.
“අපි ප්‍රතිපත්තියක් ලෙස පුද්ගලික බස්රථ වෙනුවෙන් ගාස්තු වැඩි කරන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය නීතිරීති අනුව ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාමේ දී බස් රථ හිමියන්ට සිදුවන අපහසුව නිසා අතිරේක ගාස්තුවක් අයකරන්න අවසර දෙනවා.”
ගාස්තු සංශෝධනය වන්නේ පහත සඳහන් ආකාරයෙනි.
අවදානම් මට්ටම 01
සෞඛ්‍ය නිරෝධායන උපදෙස්වලට යටත්ව රථයට නංවාගැනීම (සුඛෝපභෝගී බස් රථවල ආසන සංඛ්‍යාව අනුව පමණි.) – අයකිරීම සාමාන්‍ය ගාස්තු
අවදානම් මට්ටම 02
ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවානය කළ හැකියි. – අයකිරීම සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2කි
අවදානම් මට්ටම 03
ආසනයක් හැර ආසනයක් ලෙස අවදානම් මට්ටමෙන් 50% පමණි. – අයකිරීම සාමාන්‍ය බස්රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.5කි. අර්ධ සුඛෝපභෝගී බස් සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2කි. අධි සුඛෝපභෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.1කි.