-2.5 C
New York

ධර්මාශෝක විදුහල්පතිනියට එරෙහිව, දෙමාපියන් උද්ඝෝෂණයේ

Published:

අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනියගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් දෙමාපියෝ රැකස් අද (02) උදෑසන එම විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කළහ

විදුහල්පතිනියට පාසල් වාර පරීක්ෂණ සඳහා ප්‍රශ්න පත්‍ර සකස්කරවීමටවත් හැකිවක් නැතැයි ද ඉතාමත් ඉහළ අධ්‍යාපන මට්ටමක තිබූ පාසලේ අධ්‍යාපන තත්වය මේ නිසා කඩා වැටෙමින් පවතින බව ද දෙමාපියෝ චෝදනා කරති.

පාසලේ පන්තිවල විෂය නිර්දේශ නිසි පරිදි සම්පූර්ණ නොකෙරෙන බවත්, පාසලේ ක්‍රීඩා බොහොමයක් බිඳ වැටෙමින් තිබෙන බවත් ඔවුන්ගේ චෝදනා අතර වෙයි.

එමෙන්ම පාසල් සංවර්ධන සමිතියේ විධායක කමිටුව මාස 04ක කාලයක් තිස්සේ රැස්කර නොමැති බව පෙන්වාදෙන දෙමාපියෝ ආදි සිසු සිසුවියන්ට, දෙමාපියන්ට හා ගුරුවරුන්ට පවා විදුහල්පතිනිය හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොදෙන බව ද කියා සිටියි.

එමෙන්ම විශාල වශයෙන් පාසලේ අයථා මුදල් ගනුදෙනු සිදුවන බව ද ඒවායේ කිසිදු විනිවිදභාවයක් නැති බව ද ඔවුන් නගන තවත් ‍චෝදනාවකි. එමෙන්ම ශිෂ්‍ය උපදේශන කටයුතු පවා මේ වනවිට නවතා දමා ඇතැයි දෙමාපියන් පෙන්වා දෙයි.

Related articles

Recent articles

spot_img