මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුචී වෙත පොදු සමාව ලබා දී ඇතත් ඒ චෝදනා 05ක් සඳහා පමණක් බැවින් ඇයට තවදුරටත් නිවාස අඩස්සියේ සිටීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාර හමුදා පාලනය විසින් 2021 වර්ෂයේ දී බලයෙන් පහකරන ලද අවුන් සාන් සුචී වෙත චෝදනා ගොනුකරමින් ඇය බන්ධනාගාර ගත කර තිබිණි. බෞද්ධයන්ගේ වස් කාලය ආරම්භවීමත් සමඟ සිරකරුවන් 7,000කට පොදු සමාව පිරිනමා ඇති බවත් ඒ අතර අවුන් සාන් සුචී සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ අනුව ඊයේ (31) ඇය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට ගොනගොස් ඇත
ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ මෙම පොදු සමාව පිරිනමා ඇත්තේ චෝදනා 05කට පමණක් බවයි. නමුත් ඇයට එරෙහිව තවත් චෝදනා 14ක් තිබෙන බව ද මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව ඇයට නිවාස අඩස්සියේ සිටීමට සිදුවන ඇතැයි වාර්තා වේ.