-0.7 C
New York

රැඳවූවන් අතර සරම්ප පැතිිරෙයි ? වව්නියාව බන්ධනාගාරය වසා දමයි

Published:

වේගයෙන් බෝවන රෝගී තත්වයක් හේතුවෙන් වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති අතර අමුත්තන් හමුවීම සහ නඩු කටයුතු සඳහා රැඳවූවන් රැගෙන යාම ද නවතා දමා තිබේ.

මෙම රෝගය සරම්ප විය හැකියැයි ද සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය 27 වැනි දා සිට මෙහි අමුත්තන් හමුවීම සහ රැඳවූවන්ගේ ක්‍රියාකාරකම් සඳහා සීමා පනවා තිබිණි

රෝගී රැඳවූවන් තවදුරටත් වාර්තාවීම හේතුවෙන් ඊයේ (31) මෙලෙස තාවකාලිකව වසා දමා ඇත.

නඩු සඳහා වෙනත් දිනක් ලබාගැනීම හෝ අත්‍යාවශ්‍යම නඩු කටයුතු වෙනුවෙන් සූම් යෙදුම හරහා රැඳවූවන් සහභාගී කරවීමට කටයුතු කර ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර වව්නියාව බන්ධනාගාරයට අලුතෙන් කිසිම රැඳවූවකු බාර නොගන්නා බව ද දැනට ඒ වෙත යොමුකරන අය අනුරාධපුර බන්ධනාගාරයට යැවීමට කටයතු කර ඇතැයි ද වාර්තා වේ.

වවුනියාව බන්ධනාගාරය තුළ පවතින සීමිත ඉඩ පහසුකම් හා ප්‍රමාණය ඉක්මවා රැදවූවන් සිටීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය ශිඝ්‍රයෙන් සිදුවන බව වවුනියාව සෞඛ්‍ය බලධාරීහූ කියති. මේ වනවිට බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සංඛ්‍යාව 400ක් පමණ වන අතර නිලධාරීන් 85 දෙනකු ද සිටියි.

Related articles

Recent articles

spot_img