1 C
New York

ශිෂ්‍යාවන් 29කට අතවර කළ ගුරවරයා රිමාන්ඩ්

Published:

බාලිකා පාසලක ශිෂ්‍යාවන් 29 දෙනකු අපයෝජනයට ලක්කළා යැයි චෝදනාවකට අනුව අත්අඩංගුවට ‍ගත් සැකකාර විශ්‍රාමික ගුරුවරයකු ලබන හෙට (02) දක්වා රිමාන්ඩ් කිරීමට මඩකලපුව අතිරේක මහේසත්‍රාත් එස්.අන්වර් ඊයේ (31) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ බාළිකා පාසලක සේවයකර විශ්‍රාම ලැබූ ගුරුවරයෙකි. ඔහු මේ වනවිට 61 වැනි වියේ පසුවෙයි.

එම ගුරුවරයා 2019 වර්ෂයේ දී 07 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 05 දෙනකු අපයෝජනයට ලක්කළා යැයි චෝදනාව යටතේ අධිකරණයට ඉදරිපත් කර නඩු විභාගයක් පැවැත්වුව ද චෝදනා සනාථ නොවීම හේතුවෙන් නිදහස ලබා තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරන ලද විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම ගුරුවරයා ශිෂ්‍යාවන් 29 දෙනකුට අතවර කර ඇති බවයි. ඒ අනුව නැවත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Related articles

Recent articles

spot_img