3.9 C
New York

බසයක් පෙරැළී 18කට තුවාල

Published:

හැටන්, කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විද්‍යාලය අසළ දී අද (01) අලුයම ලංගම බසයක් ප්‍රපාතයකට පෙරැළීමෙන්  පුද්ගලයන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. බරපතල තත්වයේ පසුවන 05 දෙනකු වටවල ප්‍රාදේශීය රෝහලෙන්, නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට නුවරඑළිය ද්කවා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයකි.

මාර්ගයේ අනෙක් පැත්තෙන් පැමිණි තවත් බසයකට ඉඩ ලබාදීම සඳහා පාර අයිනට ගැනීමේ දී බසය ලිස්සා ගොස් ඇතැයි අනාවරණය වෙයි.  බසය අනතුරට ලක්වන අවස්ථාවේ දී බසයේ රැගෙන යා හැකි ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් සිට ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img