ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිට ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ පිරිසක් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඇතුල්වීමට උත්සාහ ගැනීමේ දී ය.
ඔවුන් පළවාහැරීම සඳහා පොලිසිය කැරළි මර්ධන ඒකකය සහ ජල ප්‍රහාරක රථ කැඳවා තිබේ. තොරතුරු දැනගැනීමේ පනත අනුව තොරතුරු ලබාගැනීමට යැයි පවසමින් විශාල පිරිසක් අධිකාරියට ඇතුළුවීමට උත්සාහ කරන බව දැනගැනීමත් සමඟ පොලිසියට මේ ගැන දැනුම් දුන් බවයි.
මෙම විරෝධතාවය සංවිධානය කර තිබු ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකයේ සම කැඳවුම්කරු දර්ශන තන්ත්‍රීගේ සඳහන් කර සිටියේ තමන් ඇතුළු පිරිස තොරතුරු පනත අනුව තොරතුරු දැනගැනිමට පැමිණි බවත්, පොලිසිය යොදවා ගෙන දුෂිත නිලධාරින් තොරතුරු සගවමින් සිටින බවයි. තොරතුරු දැනැගැනිමට ජනතාවට අයිතියක් ඇති බවත්, ඖෂධ නියාමන අධිකාරිය ඇස් පියාගෙන සිටින නිසා ජාවාරම්කාර සමාගම් බාල ඖෂධ ගෙන්වා රෝගි ජිවිත මාරයාට බිලිදෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.
අවසානයේදි පොලිසිය තොරතුරු ලබාගැනිමට පැමිණි පිරිස එක් අයෙක් බැගින් කාර්යාලයට යැවිමට කටයුතු කළ අතර විරෝධතාකරුවන්ද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර සටන් පාඨ කියා තොරතුරු අයදුම්පත් ලබාදි විසිර ගියහ.


