බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට කොරෝනා ආසාදිතයකු සහභාගී වී ඇතිබව වාර්තාවීම හේතුවෙන් මනාල යුවළ ඇතුළු පවුල් කිහිපයක් ම නිරෝධායනයට යොමුකිරීමට අද (10) පියවර ගත්බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පසුගිය 31 වැනි දා පැවැති මංල උත්සවයට සහභාගී වී ඇත්තේ පුද්ගලයන් 40-50 අතර පිරිසකි.
මනාල මහතාගේ සහෝදරයකු මෙලෙස කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. මිල්ලනිය පදිංචි එම පුද්ගලයා ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ 09 වැනි දා ලැබුණු වාර්තාවකිනි.