spot_img

E-Passport ක්‍රමය නවතී

පුවත්

විදෙස්

ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට රජය තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ වර්ෂයක දී ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පමණ නිකුත් කිරීමට සිදුවන බවයි. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් තරම් විශාල මුදලක් වැය වන බවත් ඒ සඳහා අවශ්‍ය න්ත්‍ර සඳහා පමණක් ඩොලර් මිලියනයක් වැය කරන්නට සිදුව ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

මේ නිසා දැනට ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයම තවදුරටත් පවත්වාගෙන යාමටත් ඉදිරියේ දී නැවත ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය සළකා බැලීමටත් තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles