-0.1 C
New York

පකිස්තාන දේශපාලන රැළියේ, බෝම්බ පිපිරීමෙන් 35දෙනකු මරුට

Published:

පකිස්ථානයේ දේශපාලන රැලියක් අතරතුර සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉස්ලාමීය පක්ෂයක් විසින් මෙම රැළිය සංවිධානය කර තිබිණි.

පකිස්ථානයේ වයඹ දිග Bajaur දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම පිපිරීමෙන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මෙම පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බවට සාක්ෂි ලැබී ඇති බව පොලිසිය පැවසීය.

තුවාල ලැබූ සියලු දෙනා රෝහල් ගත කර ඇති බව නිලධාරීහු පවසති. බලධාරීන් විසින් දිස්ත්‍රික් රෝහලේ සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත.

ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශය වටලා ඇති අතර තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට රජයේ නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුද යන්න තවමත් පැහැදිලි නැත.

ඇෆ්ගනිස්ථානයේ දේශසීමාව ආසන්නයේ, පකිස්ථාන ගෝත්‍රික ජනයා වෙසෙන දිස්ත්‍රික්කයේ, ඉරිදා පැවති මෙම JUI-F කම්කරු සම්මේලනයට සියගණනක් ජනයා සහභාගී වෙමින් සිටියහ.

JUI-F හි කලාපීය නායකයෙකු වන මවුලානා සියාවුල්ලා පිපිරීමෙන් මිය ගිය බව ප්‍රාදේශීය නිලධාරීන් පවසයි.

https://www.bbc.com/news/world-asia-66355032

Related articles

Recent articles

spot_img