ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික ආහාර වේලට පළමු තැන හිමිවෙයි

0
44

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 9 – 14ත් අතර දරුවන් සඳහා පැවැත්වෙන ඉවුම් පිහුම් තරඟාවලියක ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලාංකික ආහාර සැකසුමක් ඉදිරිපත් කළ ජෝර්ජියා නමැති ශ්‍රී ලාංකික සම්භවයක් දැරියක් සමත්වූවාය.

ශ්‍රී ලංකාවේ වෙසෙන තම මිත්තණියගේ උපකාරයෙන් මෙම ආහාර වේල සකස් කළ බව අවුරුදු 11 වයසැති ජෝර්ජියා පවසයි. 

“Junior MasterChef Australia 2020” නමින් හැඳින්වෙන මෙම තරඟාවලිය ඕස්ට්‍රේලියාවේ Channel 10 නාලිකාව විසින් සංවිධානය කරන රියැලිටි වැඩසටහනකි.

තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ජෝර්ජියාට ඩොලර් 25,000කත්‍යාගයක් හිමිවී තිබේ.

තරඟයේ අවසාන වටය වෙනුවෙන් ඇය සකස් කර ඇත්තේ කහ බතක්, ඌරු මස් ව්‍යංජනයක්, කජු ව්‍යංජනයක්, පිපිඤ්ඤා සලාදයක්, පපඩම් සහ වම්බොටු ව්‍යංජයකි. අතුරුපස සඳහා දේශීය රසකාරක මිශ්‍ර චොක්ලට් සහ පොල් අයිස්ක්‍රීම් සකස් කර තිබිණි.

තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසු ජෝර්ජියා මොස් පැවසුවාය,

“මෙම තරඟය ජය ගැනීම මට විශාල පුදුමයක්, මගේ ආච්චී මට විවිධ ශ්‍රී ලාංකික ආහාර සෑදීමට කියා දුන්නා, මගේ ජයග්‍රහණයට පාර පෙන්නුවේ ඇයයි, මගේ ආච්චිත් සීයාත් මට ඉතා සමීපයි, ඔවුන් දෙදෙනාම ශ්‍රී ලාංකිකයින්,”

ඇයට ලැබුණු ත්‍යාග මුදලට කුමක් කරන්නේ දැයි විමසූ විට මෙසේ පැවසීය,

“එය මට පාවිච්චි කිරීමට හැකිවන්නේ වයස 18ක් වූ පසුවයි, ඒ ගැන හිතන්න තව අවුරුදු හතක් තියෙනවා, කෙසේවුවත් සංචාරය කරන්නත් අවන්හලක් ඉදිකිරීම සඳහාත් එම මුදල යොදාගන්න මම තැමතියි,”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here