හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විශ්‍රාම ගිය පසු එවකට සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන කර්තෘ විජිත යාපා ඔහු සමඟ සිදුකළ මෙම සාකච්ඡාව 1990 පෙබරවාරි මස 18 වැනි ඉරිදා ලංකාදීප පුවත්පතේ පළකර තිබිණි.
ඉන්දු – ලංකා ගිවිසුමට තුඩුදුන් හේතූන්, ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදා පැමිණි ආකාරයත් පැහැදිළි කරන මේ සාකච්ඡාව එම වකවානුවේ දී රට තුළ පැවැති මතභේද ගැන ද තොරතුරු සපයයි.
ඇයි ඉන්දියන් හමුදාව මෙරටට පැමිණියේ?
1987 ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමට රජීව් ශ්‍රී ලංකාවට පැමිණි විට ප්‍රචණ්ඩ ක්‍රියා පැන නැගුනා. මම පොලිස්පතිතුමාගෙන් ඇහුවා ඇයි කොළඹ නගරයේ එතරම් පොලිස් භට පිරිසක් නැත්තෙ කියලා. ඒ අවස්ථාවේදී ඔහු පැවසුවා ඇසළ පෙරහැරට පොලිස් නිලධාරීන් 2400 ක් නුවරට යවලයි කියලා. පෙරහැර අවලංගු නොකර මිසක් ඒ භට පිරිස් කොළඹට ගෙන එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම ඒ අවස්ථාවේ ආරක්ෂක හමුදා ප්‍රධානින් දෙසට හැරුණා. අමතර හමුදා භට පිරිසක් යෙදවීමට පුළුවන් කම තිබුණත් උතුර හා නැගෙනහිර සිට එම සෙබළුන් කොළඹට ගෙන ඒමට ගුවන් යානා නැතැයි ඔවුන් කියා සිටියා. රජීව්ට මගේ දුෂ්කරතාවය අවබෝධ වෙලා ඇහුවා “මම උදව් කරන්නද?” කියලා.
අපේ දුෂ්කරතාවන් ගැන මම රජීව්ට පැහැදිලි කළා. අපේ හමුදා ගෙනඒමට ගුවන් යානා කිහිපයක් දෙන බව ඔහු පැවසුවා. ඒ සමඟම එයා ඇහුවා හමුදා නිලධාරීන්ගෙන් කොටසක් දකුණට ගෙ ඒම නිසා උතුර නැගෙනහිර කටයුතුවලට උදව් කිරීමට මිනිස් බලය අවශ්‍යද කියලා. ගිවිසුම යටතේ මෙය කළ හැකි දෙයක්. “හිස් ගුවන් යානා විතරක් එවන එකේ ඇයි කිහිප දෙනෙක් එවුවාම මොකද වෙන්නෙ? ” කියලා මම ඇහුවා. අන්න එහෙමයි ශ්‍රී ලංකාවට ඉන්දියන් හමුදා ආවේ.
ඔවුන් ආපසු යාවි කියා ඔබ හිතුවද?
ඒ ගැන සැක හිතන්න දෙයක් තිබුණෙ නැහැ. ඔවුන් ඉන්නෙ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ජනාධිපති යටතේ.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් කරන ලද්දේ ප්‍රධාන ද්‍රවිඩ කණ්ඩායම් ගැන නොසළකා හැර. එහෙම නම් කොහොමද ස්ථීර සාමයක් ඇති වන්නේ?
ඒ කතාව වැරදියි. රජිව් ඔවුන්ව හමුවුණා. ඒ හැම කෙනෙක්ම එකඟ වුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානය විතරයි එකඟ වෙලා ගිවිසුම කැඩුවේ. 1987 අගෝස්තු 01 දා රජීව් මට පණිවුඩයක් එවුවා. “ප්‍රභාකරන් ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කිරිමටත් ආයුධ බාර දීමටත් එකඟ වුණා. ආයුධ බාර දීම පුද්ගලිකවම සංවිධානය කිරීම සඳහා ඔහු යාපනයට පැමිණේවි. ගිවිසුමේ පොරොන්දු සාමකාමීව ක්‍රියාත්මක කිරීමේ ආශාවෙන් ප්‍රභා කරන් අගෝස්තු 02 දා සවස යාපනයට එනවා.ප්‍රභාකරන් මොන විදියකින් හරි එයාගෙ වචනය කඩ කළහොත් හරි. ආයුධ බාර දීමට අපොහොසත් වුණාත් හරි ඉන්දියානු හමුදාව එල්. ටී.ටී.ඊ. කණ්ඩායම බලයෙන් නිරායුධ කරන බවට මම සහතික වෙනවා” යැයි එම පණිවිඩයේ සඳහන් වුණා.
ඔබ හෝ රජිව් ගාන්ධි හෝ හිතුවා ද එල්. ටී. ටී. ඊ. කණ්ඩායම ඉන්දියානු හමුදාවට අභියෝග කරයි කියලා?
නැ! මම එහෙම හිතුවෙ නැහැ. ඒත් ගිවිසුම පිළිගෙන එය කඩ කරපු අය ගැන ඇයි ඔබ කතා කරන්නෙ නැත්තෙ? එවිටයි කරදර පටන් ගත්තේ.
එහෙත් ගිවිසුම නිසා බොහෝ අමිහිරි සිදුවීම් ඇති වුණේ නැද්ද?
එය සාම ගිවිසුමක්. මාස දෙකහමාරක් සාමය පැවතුණා. සිංහල මිනිසුන් යාපනයට ගියා, ඔවුන් විසින් පවත්වාගෙන යන ලද බේකරි පවා නැවත වැඩ කරන්න පටන් ගත්තා. මිනිස්සු නාගදීපයට ගියා. එය සාමය සඳහා වූ ගිවිසුමක් මිස යුද්ධය සඳහා වූ ගිවිසුමක් නොවෙයි.
රජීව් ගිවිසුම ගැන කතාකරන විට අපි උතුරේ ත්‍රස්තවාදීන් සමඟ 1976 සිට ද දකුණේ ත්‍රස්තවාදීන් සමඟ 1983 සිට ද සටන් කරමින් උන්නේ. ඉන්දියාව සහ විශේෂයෙන් තමිල්නාඩුව උතුරේ ත්‍රස්තවාදීන්ට විවෘතව ම උදව් කළා. අපේ ආරක්ෂක හමුදාවන්ට සහ හමුදා ක්‍රියාකරකම්වලට පහර දෙමින් ජාත්‍යන්තර මතය දුෂ්‍ය කළා.
හදිසියේ ම 1987 මැයි / ජුනි කාලයේ දී රජීව් කිව්වා “1986 දෙසැම්බර් මාසයේ දී ඔබ පොරොන්දු වූ හා පාර්ලිමේන්තුවේ දී යෝජනා කළ පළාත් සභා හා බලය විමධ්‍යගත කිරීම ආදී සෑම දෙයක් ම උතුර-නැනෙහිර තාවකාලිකව එක් කිරීමේ යෝජනාවත් සමඟ ක්‍රියාත්මක කරන්න. ආයුධ අත් හැරල, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වෙලා පළාත් සභා පිළිගන්න. ගිවිසුම පිළලිගන්න කියල. අපි සෑම කණ්ඩායමකට ම බල කරල තියෙනවා” කියල.
පළාත් සභාවලට හා තාවකාලික එක් කිරීමට විරුද්ධ වෙනවා නම් මිසක් කවුද ඒ යෝජනාවට විරුද්ධ වෙන්නේ ? ජයග්‍රහණය කිරිමේ බලාපොරොත්තුවක් නොමැතිව දිගටම සටන් කිරීම ගැනත් තාවකාලිකව එක් කිරීම ගැන යෝජනාව පිලි නොගැනීම නිසා ගිවිසුම පිළිනොගැනීම ගැනත් මුළු ලෝකයාම අපිට විරුද්ධ වීමක් තමයි රජීව්ගේ යෝජනා පිළිනොගැනීමෙන් වෙන්නේ.
එහෙත් රජීව් ඔබව අපහසුතාවයකට පත් කලේ නැතිද?
ඔබ අදහස් කරන්නේ ආහාර පාර්සල් යාපනයට දැමීම ගැන ද ?
ඒක පමණක් නෙවෙයි ඩික්සිත් මගින් තර්ජනය කිරීමත්
එයා ගුවක් මගින් ආහාර පාර්සල් දැමීම වැරදියි. මම ඒක එයාටත් කීවා. “ඔබ කළ දෙයට සමාව දෙන්න පුළුවනි. ්ත් අමතක කරන්නේ නැහැ” කියලා මම ප්‍රසිද්ධියේ කීවා.
ඩිසයින් මට කඩදාවත් තර්ජනය කළේ නැහැ. එයා ලලිත් (ඇතුලත්මුදලි) සමඟ කීවා ශ්‍රී ලංකා හමුදාවට යාපනය අල්ලා ගැනීමට ඉන්දියන් හමුදාව කවදාවත් ඉඩ දෙන්නේ නැහැ කියලා.
ඒක කොහොමද කරන්නේ ද්‍රවිඪ ත්‍රස්තවාදීන්ට, ඉන්දියානු හමුදා උදව් කිරීමෙන් ද ?
එල්.ටී.ටී.ඊ. හමුදාවට ගුවන් යානා ප්‍රහාරක මිසයිල් හෝ තුවක්කු සැපයීමෙන් වෙන්න පුළුවන්. වඩමාරච්චි පහර දීමේදී එක් ගුවන් යානයක් නැති වූ බව ආරක්ෂක ප්‍රධානීන් කැබිනට මණ්ඩලයට කියා සිටියා. තවත් එකක් නැති වුණොත් ගුවන් හමුදාව එහි යාම ප්‍රතික්ෂේප කරාවී කියලත් ඔවුන් කීවා. එල්ටීටී.ඊ. සංවිධානයට එහෙම ගුවන් යානා නාශක තුවක්කු තිබුණා නම් අපේ ගුවන් ආධිපත්‍යය නැති වෙන්න තිබුණා.
1987 දී ශ්‍රී ලංකා ආරක්ෂක අධිකාරීන් යාපනය අල්වා ගැනීමට සූදානමින් සිටියදී ඔබ ඔවුන් වැළකුවා ද ?
නැහැ වඩමාරච්චි සටනට පෙර පෙබරවාරියේ දීත් එම සටනට පසුව, මැයි මාසයේදීත් මා ඔවුන්ට යෝජනා කළා යාපනය අල්ලා ගන්න කියා. ඔවුන් කැමති කරවාගැනීමට හැකි වූයේ නැහැ.
එල්ටීටීඊ සංවිධානය ඇයි පොරොන්දු කඩ කළේ ?
ඔවුන්ගේ සමහර දෙනෙක් හමුදාව විසින් අල්ලා යනු ලැබ කොළඹ ගෙනැවිත් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගෙන සිටීම නිසා එහෙම කළ බව ඔවුන් කියා සිටියා. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් සයනයිඩ් ගිල මිය ගියා
ඩික්සිත් මොකද කීවෙ?
එල්.ටී.ටී.ඊ. කණ්ඩායමට සවන් දෙන්න කියලා. මම කොහොමද ඒක කරන්නේ. හමුදා ප්‍රධානීන් මට කීවා ඔවුන් කොළඹට ගෙන ආ යුතුයි කියා. මම එකඟ වෙලා උන්නෙ. මම එය ඉෂ්ඨ කළ යුතුව තිබුණා.
එයින් පස්සෙ ඔවුන් කෝප වුණා
ඔව්! රජීව් ලිඛිතව පොරොන්දු වී සිටියා. ඔවුන් නිරායුධ කරන බවට, ඔහුට වචනය ඉෂ්ඨ කිරීමට සිදු වුණා. අන්න ඒ අවස්ථාවේදී තමයි සාමසාධක හමුදාව යුද්ධ හමුදාවක් වුණේ. අපේ ඒකීයත්වය ආරක්ෂා කරන්න ගොස් ඔවුන්ගේ 1,500 ක් පමණ මිය ගියා. ඔවුන් ගෙන ගියේ අපේ සටනයි. ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීම සඳහා රජිව් අපේ පැත්තට පැමිණ සිටියා. එය අපේ ජයග්‍රහණයක්.
එයින් ඔබට පුළුවන්කම ලැබුණා දකුණේ පේ.වී.පි. යට විරුද්ධව සටන් කරන්න හමුදාව නිදහස් කරන්න.
ඔව්! මම ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට ආධාර අල්ලුවේ නැහැ. 1971 බණ්ඩාරනායක මැතිණිය කළා වගේ ඇයගේ කාලයේ දී උතුර හා නැගෙනහිර යුද්ධයක් කරන්න සිදු වුණේ නැහැ. ඇය සැම කෙනෙකුට ම ආයාචනා කලා. උතුර නැගෙනහිර කැරළි කරුවන්ට ඉන්දියාව උදව් කළේ නැති නම් මට පුළුවන්ව තිබුණා ජේ.ඒ.සි. සමඟ සටන් කිරීමට. ත්‍රස්තවාදීන්ට ඉන්දියාවෙන් පුහුණුවත් ආධාරත් ලැබුණා, මම ආධාර ඉල්ලුවා, ඒත් කවුරුවත් ඉදිරියට ආවේ නැහැ. ඉන්දියාව මෙයට අවහිර කළා
ඔබ උදව් ඉල්ලූ අවස්ථාවේ ඇයි බටහිර කිසි රටක් ඔබට උදව් නොකළේ ?
ඒ රටවල් ඉන්දියාව තරහකර ගැනීමට බිය වුණා.ඔවුන්ගේ එකම පිළිතුර වූයේ “ඉන්දියාව මොකක් කියාවිද ?” කියලයි. මම කීවා ඔවුන් ත්‍රස්තවාදයට උදව් කරනවා කියලා. ඔවුන් මඟ හැරලම ගියේ නැහැ. අපට හෙලිකොප්ටර්වලට අමතර කොටස් සමහරක් අවශ්‍ය වූ වෙලාවේ අපි ඒවා ඇමෙරිකාවෙන් මිල දී ගන්න ඇහැව්වා. ඉන්දියාවෙන් පළමුව අවසර ලබාගන්න කියා ඔවුන් කීවා. ඊශ්‍රායලය පමණයි කැමති වුණේ අපට උදව් කරන්න. 70 ගනන්වල දී ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා නැවැත්වීම වැරදියි මට හිතුණා. අපට සලස්තීන විමුක්ති සංවිධානයේ තානාපති කාර්යාලයක් තියෙනවා. ඇයි එහෙනම් ඊශ්‍රායලයේ නැත්තේ
එත් ඉන්දියාව එතරම් කැමති වුණේ නැහැ නේද?
වරක් මම ගාන්ධි මැතිණිය සමඟ නව දිල්ලියේදී සාකච්ඡා කරමින් සිටියදී ඇය කියා සිටියා ඊශ්‍රායල් ජාතිකයින් යවන ලෙස මට කියන්නැයි කියා. බණ්ඩාරනායක මැතිණිය කිවූ වග. “මැඩම් ඔබ බොම්බායේ තියෙන ඊශ්‍රායල් තාකාපති කාර්යාලය වැසුවොත් ඒක කරකවා. ඇයි බණ්ඩාරනායත මැතිණිය ඔබව කියන්නෙ නැත්තෙ රුසියානුවන් ඇෆ්ඝනිස්ථානයන් ඉවත් කරගත යුතුයි කියලා මා පිළිතුරු දුන්නා
ගාන්ධි මැතිනිය මොකක් ගැනද ඔබ සමඟ තරහ වුණේ
හිතන්නේ නවදිල්ලියේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මේලනයේ රාජා භෝප්ත සංග්‍රහයේදී මා කළ කතාවක් ගැනයි කියලා. කෙනෙකු ළඟ නැති ගතිගුණ තියෙනවා කියල ඇඟවීම මට රුස්සන්නේ නැහැ ඉන්දියාව නොබැඳි ජාතියක් ලෙසින් පෙනී සිටියත් රුසියානුවන් ඇෆ්ඝස්ථානයේ සිටීමට සහයෝගය දක් වුවා ගොර්බචොව් පවා කීවා ඒක වැරැද්දක් කියලා, මහත්මා ගාන්ධිගේ හා නේරුගේ ශ්‍රේෂ්ඨ සදාචාර වර්ධනය දක්වා ඉන්දියාව යා යුතු බව මා කීවා නිවැරදි මතයක් පිළිපැදීම ගැන ඉන්දියාව කිසිවකුට බිය විය යුතු නැතැයි මා කීවා.
අසුවේ මුල් කාලයේදී ඔබ ඇයට මිත්‍රත්ව ගිවිසුමක් සඳහා කෙටුම්මතෙක් යැවූ බව සත්‍යයක් ද ?
ඔව් එක හරි, ඒ 1984 දී. ඒත් ඉන්දියානු නිලධාරීවාදය නිස එයට බාධා පැමිණුනා. එය ඉන්දු – සෝවියට් ගිවිසුම වැනි එකක්.
ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අමනාප වීමට තිබූ හේතු මොනවාද ?
කරුණු හතරක් තිබුණා. ඇමරිකානු, සිංගප්පූරු හා පකිස්තානු සමාගමකට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දීම. ඇමෙරිකානු හඬ ගුවන් විදුලි විකාශනය, ඊශ්‍රායල්වරුන් පැමිණ සිටීම සහ හමුදා භටයින්ට පකිස්තානු පුහුණුව දීම, තෙල් ටැංකි සඳහා විදේශීය පොරොන්දුව (මිල ගණන් කැඳවීම) ඒ විදියට ම සිදුවූයේ නැහැ. මම ඉන්දියාවට අවස්ථාවක් දුන්නා අපිත් එක්ක ඒක සංවර්ධනය කරන්න. මම ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති දහම් විමලසේන මහතාත්, කැබිනට් මණ්ඩලයේ ලේකම් පී.වී.පී.සමරසිංහ මහතාත් ඉන්දියාවට යැව්වා මේ ගැන සාකච්ඡා කරන්න.ඒත් ඒක හරිගියේ නැහැ. මට ආරංචියි දැන් ඔවුන් එය කරන්න කැමති බව.
ඇමෙරිකානු හඬ ගුවන් විදුලි සේවය ?
මට ඇමෙරිකානු හඬ ගුවන් විදුලි සේවය නවත්වන්න බැහැ. ඒක මා බලයට පත්වීමට පෙරත් තිබුණා. මම ඇයට ඒක කීවා. කොහොමටත් ඇය ඒක පරීක්ෂා කළාට කමක් නැහැ කියල මම කීවා.
පාකිස්ථානය පිළිබඳ ප්‍රශ්නය ගැන ?
අපේ හමුදා පුහුණු කිරීමෙන් ඔවුන් අපිට උදව් කළා. ගාන්ධි මැතිනිය ඇහුවා ඇයි අපි ඔවුන් පාකිස්ථානයට යවන්නේ කියල “ඔබ ත්‍රස්තවාදීන් පුහුණු කරන විට මම මොනවා කරයි කියලද ඔබ බලාපොරොත්තු වෙන්නෙ ත්‍රස්තවාදීනුත්, අපේ හමුදාත් පුහුණු කරන්න බැහැ” කියල මම කීවා.
විනුත් ගැන මොකක් තත්ත්වය?
ඔවුන් හොඳ මිතයෝ ඔවුන් සාධාරණ මිල ගණන්වලට අපට තුවක්කු ආදි හමුදා උපකරණ සැපයුවා. ඉන්දියාව කලබල කරන්න දේශ සීමා යුද්ධයක් පටන් ගන්නයි කියලා ඉල්ලන්ට මට පුළුවන් වුණේ නැහැ. මම ඉල්ලුවත් ඔවුන් ඒක කරාව කියල මට සැකයි.
1982 දෙසට ආපසු හැරෙන විට ඔබට, තේරෙන්නේ නැද්ද ඔබ කළ ලොකුම වැරැද්ද ජනනමතවිචාරණයක් පැවැත්වීමයි කියල?
ඇයි නම් එහෙම කියන්නෙ ජනමතවිචාරණයක් පැවැත්වීම වැරදිද? මහජනයා ජනමතවිචාරණයෙදී දුන්න තීන්දුව වැරදිද? මහජනතාවයි. තීරණය දුන්නෙ සියයට පනස් දෙකක් චන්දය දුන්නේ කල් දමන්නයි කියල කරන්න තිබුණ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එයයි. ජනමතවිචාරණයට විරුද්ධ වෙන්න. පුළුව්නේ කාටද? සැම ප්‍රජාතන්ත්‍රවාදී රටකම ඒ විදියටයි වැඩ කරන්නේ. එයට පෙර 1975 දී බණ්ඩාරනායක මැතිනිය මන්ත්‍රීවරුන්ගෙ ඡන්දයෙන් පමණක් මැතිවරණ කල් දැමුවා.
එත් අපේ ජනතාවට ජනමතවිචාරණ පුරුදු නැහැ මන්ද?
විජය සහ අනෙක් නැක්සලයිට්වරු ශ්‍රී.ල.නි.ප. යේ බලය බණ්ඩාරනායකලාගෙන් උදුරා ගන්න සැලසුම් කරමින් උන්නෙ. මම මැතිවරණයක් පැවැත්වූවා නම් ප්‍රචණ්ඩ ක්‍රියා මගින් ශ්‍රී ල.නි.ප. යේ බලය අල්ලා ගෙන සමානුපාතික ක්‍රමය යටතේ අඩුම වශයෙන් සියයට පනහක් මන්ත්‍රීවරු පත් කරන්න ඔවුන්ට ඉඩ තිබුණ.
ඔබට පුළුවන් වුණා නම් ජනතවිචාරණයක් පවත්වන්න ඇයි බැරිවුණේ මැතිවරණයක් පවත්වන්න?
අපිට පුළුවන්කම තිබුණ. ඒත් සමානුපාතික ක්‍රමය යටතේ ඔවුන් බලයට පත් වන්නටත් තිබුණා. මහ මැතිවරණයක් පවත්වනවාද නැතිද කියන එක තීරණය කිරීම මම මහජනතාවට භාර කළා.
එහෙත් එය ජනතාවගේ තේරීම වෙන්න තිබුණා?
ඒ වගේම තමයි මේකත් ජනමතවිචාරණයක් කියන්නේ මහජන තේරීමටයි. ඔවුන් මැතිවරණයක් සඳහා ඡන්දය පාවිච්චි කළා නම් මට ඒකයි කරන්න තිබුණේ. මහජනතාවගේ හඬ කියනනේ දෙවියන්ගේ හඬයි
ඒත් ජනමත විචාරණය ජ.වි.පෙ. ට බලපෑවා?
පොලිස් වාර්තා අනුව ඔවුන් ලේ වැගිරෙන විප්ලවයක් කරන්න සැළසුම් කරමින් උන්නෙ .
ඒත් විජේවීර ජනාධිපතිවරණයට තරඟ කළේ දිනීමට බලාපොරොත්තුව නොවෙයි. ඔහු එය යොදා ගත්තේ තමන්ට ආසන සංඛ්‍යාවක් දිනා ගත හැකි මැතිවරණයකට සූදානම් වීමේ වේදිකාවක් ලෙසයි ?
මම පිළිගන්න ඕන ජනමතවිචාරණයක් පවත්වන්න මම තීරණය කළ කළ වෙලාවේදී මම ජ.වි.පෙ. ගැන. හේතුවේ. නැ කියන එක
එල්.ටී.ටී.ඊ. ගැන මොකක් ද අදහස මහත් විනාශයකට මුල පිරුණු 1983 ජුලි 23 දායි ඔවුන් සොල්දාදුවන් 13ක් මැරුවේ. ජනමත විචාරණය නිසා නොවේ නම් ඔබේ රජය අවලංගු වෙන්න තිබුණේ එදිනයි ?
මොකක්ද ඔබට ඒකෙන් මට අඟවන්න ඕන?
“ඔබේම නීති අනුව ඔබම යන ඔබේ. ප්‍රජාතන්ත්‍රවාදය යකාට ගියාවේ. ක්‍රීඩකයාත් ඔබමයි. විනිශ්චයකරුවාත් ඔබමයි. දැන් අපි අපේ විදියට පටන් ගන්නවා” කියලයි ද්‍රවිඩ තරුණයින් කීවේ.?
ජනමතවිචාරණය පැවැත් වූ වේලාවෙ දි මම ද්‍රවිඩ තරුණයින් ගැන කල්පනා කළේ නැහැ
ඉතින් ඔබ හිතන්නෙ නැනි ද ජනමතවිචාරණය වැරැද්දක් කියලා?
නැහැ ඒක ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙම නම් වැරදි වෙන්න ඕන ජනමතවිචාරණය නොවේ. ජනමතවිචාරණයේ දී ජනතාව ගත් තීරණයයි. මම නැක්සලයිට්වාදීන් බලය අල්ලා ගැනීමෙන් වැළැක්වූවා.
එහෙත් එය අනෙක් භයානක දේවලට මග පැදුවා.
ඒත් විජය මොළොක් බවට පත් වෙලා උන්නෙ. මිය යන්න සතියකට කලින් එයා මගේ නිවසට ආවා, ඔහු වෙනස් වෙලා උන්නේ.
ගිවිසුම ගැන ආපසු බැලීමේදී, නාවික භටයා පහරදුන් වෙලාවේ දී රජීව් ගාන්ධි මියගියානම් කුමක් වෙන්න තිබුණා ද ?
මම දන්නේ නැ මොනව වෙයිද කියලා. මම දන්නෙ හැහැ මාකන්ද වුගේ කියලා හිතුවේ. භටයකුට ක්ලාන්තය හැදුනයි කියලා. නාවික භටයා ඉවතට රැගෙගන යනු ලැබුවා. එයාගේ සමහර යාළුවෝ ඒ වෙලාවේ එයාව වීරයකු වශයෙන් සළකපු බව මම දන්නවා. ඔවුන් මා දෙසට හැරුන නම් මොකද වෙන්න ිබුණේ.
ඒත් ඔබ කොළඹ මුහුදේ ඉන්දියානු යුධ නැව් නවත්වා තිබුණා ?
ඔව්, මම කීවා ඔවුන්ට නැව් පේන්න තියා ගන්න කියලා. කාටවත් කුමන්ත්‍රණයක් කරන්න අවස්ථාවක් ඇති නොවන විදියට
කවුරු කුමන්ත්‍රණය කරයි. කියලද ඔබ බිය වුණේ
මට බය හිතුණා හමුදා ආධාර ඇතිව කුමන්ත්‍රණ ප්‍රයත්නයක් ඇතිවෙයි කියලා.
කවුද ඒකට නායකත්වය දීමට ඉන්න තැනැත්තා ?
නම් දන්නේ නැහැ එත් සිතෙහි හැඟීම් කළබල වුණාම කලින් පරෙස්සම් වීම තමයි.වඩාත් හොඳ
අගමැති ප්‍රේමදාස මහතා කිසිම නිල උත්සවයකට සහභාගී නොවීම ගැන රජීව් මොකක් ද කීවේ ?
මම රජීව්ගෙන් ඇහුවේ නැහැ. මම කොහොමද කාටවත් බල කරන්නේ උත්සවයකට එනන කියලා. ගිවිසුම අත්සන් කරන්න පෙරත්, අත්සන් කළාට පසුවත් මම කැබිනට් මණ්ඩලයේ අදහස් විමසුවා. ඒ හැම කෙනෙක් ම එකඟ වුණා ගිවිසුම අත්සන් කිරීමට. ගිවිසුම අත්සන් කළාට පසුව ගාමිණී ජයසූරිය පළාත් සභාවලට විරුද්ධ වෙලා අයින් වුණා.
ඒත් ජනතාව ගිවිසුමට විරුද්ධ වුණා ?
සමහර අය හැම දේට ම විරුද්ධයි. අපි එයින් පස්සෙ හැම මැතිවරණයක්ම දිනුවා. එය ගැන ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් එජාප, මැතිවරණ ප්‍රකාශනයේ තිබුණා. ඊට අමතරව ප්‍රේමදාස මහතා කීවා ඉන්දියානු හමුදාව පිටත් විය යුතුයි කියලා. ඇත්තෙන්ම ඔවුන් පිටත් විය යුතුයි. ජනාධිපති ප්‍රේදෙස මහතා කීවා ඉන්දියානු හමුදාව 1989 ජූලි මාසයේදී පිටත් විය යුතුයි. තියලා. සමහර ඉන්දියානු නිලධාරීන් පහුගිය වසරේදී මේ ගැන මගේ අදහස් විමසුවා. “ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට අවශ්‍ය ඒ වේලාවට ඉන්දියානු හමුදාව පිටත් විය යුතුයි” කියලා මම ඔවුන්ට කීවා.
උතුරු-නැගෙනහිර අනාගතය ගැන ඔබට වැටහෙන්නේ මොකක්ද?
ඒ ගැන මම විවේචනය කිරීම හරියි කියල මම හිතන්නේ නැහැ. ජනාධිපති ප්‍රේමදාස මහතා අතේ හැම තොරතුරක්ම තියෙනවා. එතුමායි. ඒක බාරව ඉන්නෙ.
එහෙමනම්, සාමාන්‍ය පුරවැසියකු ලෙසින් කීවොත් ?
මම බලාපොරොත්තු වනවා කොටි ඔවුන්ගේ වචනය ඉටු කරාවි කියලා