-0.7 C
New York

වාහනයක් පෙරැළී විදේශිකයකු ඇතුළු දෙදෙනකු මරුට

Published:

හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා යන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කාරයක් පුස්සේඇල ප්‍රදේශයේ දී  ප්‍රපාතයකට පෙරැළීමෙන් විදේශිකයකු ඇතුළු දෙදෙනකු මිය‍ගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගිය විදේශිකයා 28 හැවිරිදි වියේ පසුවන රුසියන් ජාතිකයකු බවත්, මියගිය කාන්තාව කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයකු බවත් අනාවරණය වී ඇත.

අනතුර සිදුවූ ස්ථානයේ ම විදේශිකයා මියගොස් සිටි අතර බරපතල තුවාල ලැබූ කාන්තාව රෝහලට ගෙන යන අතරතුර මියගියා. තුවාල ලැබූ තවත් දෙදෙනකු මැදමහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

ඡායාරූපය – facebook – Accident prevention 1st

Related articles

Recent articles

spot_img