-2.5 C
New York

හොර වීසා සාදා කාන්තවක් රට පැටවීමට හැදූ ආගමන විගමන නිලධාරී රිමාන්ඩ්

Published:

හොර වීසා සාදා දී කාන්තාවක් රට යැවීමට උත්සාහ ගත් ආගමන විගමන නිලධාරියෙක් ලබන මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි මීගමුව මහේස්ත්‍රාත් ඊයේ (28) නියෝග කළේය.

ව්‍යාජ වීසා බලපත්‍රයක් සාදා ඊයේ (28) විදේශ ගතවීමට උත්සාහ කළ කාන්තාවක් වැළලැක් වූ ආගමන විගමන නිලධාරීන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.

එම කාන්තාව ගුවන්තොටුපොළට ගෙනවිත් ඇත්තේ ආගමන විගමන නිලධාරියකු විසිනි. එම නිලධාරියා ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබිණි.

Related articles

Recent articles

spot_img