8.6 C
New York

වෛද්‍යවරුන්ට, ඇඟිලි සළකුණු එපා යයි ජනපතිට ගතු කියයි

Published:

වෛද්‍ය පරිපාලකයන්ට රාජකාරී සඳහා පැමිණීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සළකුණු තැබීම අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අවලංගු කරන ලෙස ජනාධිපති විසින් දැනුම් දී අතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුවය. අගෝස්තු මස 01 වැනි දා සිට ඇඟලි සළකුණු තැබීම අනිවාර්ය කරමින් චක්‍රලේඛය නිකුත් කර තිබිණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්‍ගේ සංගමයේ ලේකම් වෙද්‍යෙ හරිිත අලුත්ගේ සදහන් කරන්නේ තම සංගමයේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා හමු වී මේ චක්‍රලේඛය සේවා වටපිාටාව පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකර අතිරේක ලේකම්වරියගේ අත්සනින් නිකුත් කර ඇතැයි පෙන්වාදුන් බවයි. කැබිනට් තීරණයක් හෝ වෙනත් කරුණක් පදනම් කරගෙන හෝ මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කිරීමෙන් අනවශ්‍ය කලබලයක් ඇති විය හැකියැයි  පෙන්වා දුන් බව ද ඔහු පවසයි

මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

Related articles

Recent articles

spot_img