8.6 C
New York

අමරකීර්ති ඝාතන නඩුවේ සැකකරුවන්ට ඇප

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්කර සිටි සැකකරුවන් 32 දෙනා මීට පෙර ඇප මත මුදාහැර සිටි සැකකරුවන් 05 දෙනකු අද (28) ඇප මත මුදාහැරුණි.

පසුගිය 2022 වසරේ මැයි 09 වනදා රටේ ඇතිවූ කලබලකාරී තත්ත්වය අතරතුර පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා ඝාතනය කිරීම පිළිබඳ නඩුව අද (28) යළි ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගෙන තිබුණි.

ඒ සහන් යාපා බණ්ඩාර, රශ්මි සින්ගප්පුලි සහ රුවන් පතිරණ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය. මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇප ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ අතර එම ඉල්ලීම් සැළකිල්ලට ගෙන මෙලෙස ඇප ලබා දී ඇත.

ඒ අනුව, එම සැකකරුවන් 37 දෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 4ක් ලෙස ශරීර ඇප ලක්ෂ 80ක් මත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබීය.

එමෙන්ම සැකකරුවන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.

Related articles

Recent articles

spot_img