-0.1 C
New York

මහනුවර රැකියාව නිමවා මොණරාගලට ආ අයකුට කොරෝනා

Published:

(නයනජීව බණ්ඩාර)

මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු අද (10) කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මහනුවර ප්‍රදේශයේ රැකියාවක නියුතු මෙම පුද්ගලයා පසුගිය නොවැම්රබ් 01 දා නිවාඩු ලබා නිවසට පැමිනෙන අතර තුර උදේ 10.00 – 12.30 අතර මොණරාගල බස්නැවතුමෙි ගැවසී ඇති බව අනාවරණය වි ඇත.

ඊට අමතරව ඔහු පසුගිය 03දා උදේ 7.30 – 8.30 අතර කාලයේ ද මොණරාගල බස් නැවතුමෙි ගැවසි තිබෙන බව මොණරාගල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තිළිණ වෙල්ලාලගේ මහතා පවසයි.

මෙි වනවිට එම රෝගියාගේ ආශ්‍රිතයන් සොයා ඔවුන් නිරෝධායනයට ලක්කිරිමෙි කටයුතු මෙි වනවිටත් අරඔා ඇතැයි ඒ මහතා පවසයි.

Related articles

Recent articles

spot_img