8.6 C
New York

කොටස් වෙළෙඳ ඉහළ නගී

Published:

කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 24,346ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,362ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 272ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,257ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 471
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 374
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 262

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 05
  • ෂෝවොලස් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම  28%
  • රේඩියන් ජෙම්ස් සමාගම 25%
  • කෙමනෙක්ස් සමාගම 17%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් 1,100,000ක් රුපියල් 95.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 540,000ක් රුපියල් 160.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 370,000ක් රුපියල් 176.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 362,000ක් රුපියල් 74.00 බැගින්
  • රිචඩ් පීරිස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 33.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 280
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 234
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 231

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 858ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 162ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 696ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 207
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 114
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 85

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 8.8
  • මල්වත්තවැලි සමාගම රුපියල් මිලියන 8.7
  • ටෝකියෝ සිමෙන්ති රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img