කොරෝනා රෝගියා යළි නිවසට යාමට සූදානම් වෙද්දී මරුට

0
146

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කැලණිය හෙට්ටිගොඩ පදිංචිකරුවකු අද (10) හදිසියේ ම මියගොස් ඇතැයි හම්බන්තොට කොවිඩ් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර පවසයි.

ඔහු 46 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය 01 දා රෝහල්ගත කරන ලද ඔහු අද නිවසට යාමට සූදානමින් සිටි බව ද පැවසේ. මෙලෙස සූදානම් වෙමින් සිටිය දී හදීසියේ ඇතිවූ පපුවේ අමාරුවකින් ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ බවත් එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ දී මියගොස් ඇති බවත් වෛද්‍ය උපෙප්සේකර මහතා කීවේය. ඔහු මීට පෙර ද හෘදයාබාදයකින් පෙළුණු අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here