spot_img
spot_imgspot_img

භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදුන්නා යැයි කී පිරිසට ඇප

පුවත්

විදෙස්

නවගමුවේ විහාරස්ථානයක කාමරයක් තුළ අඩනිරුවතින් සිටි කාන්තාවන් දෙදෙනකු සහ ‍භික්ෂුවක් නිරුවත් කර පහරදීම ඇතුළු චෝදනා 09ක් යටතේ රිමාන්ඩ් කර සිටි පුපද්ගලයන් 08 දෙනාට එක් අයකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇපයක් සහ දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කඩුවෙළ මහේස්ත්‍රාත්  වාණිමා විජේබණ්ඩාර අද (26) නියෝග කළේය.

මෙම සිද්ධියේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් නැවත කණ්ඩායම් නොගෙසෙන ලෙසත් ඇප කොන්දේසි නිකුත් කළාය.

නවමගමුව, ඉහළ බෝමිරිය,  ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ සිටි පල්ලේගම සුමන නමැති භික්ෂුවටත් ඔහු සමඟ කාමරයේ ඇඳක් මත සිටි  19 හැවිරිදි  කාන්තාවකට සහ තවත් කාන්තාවකට විහාරස්ථානය තුළ දී  පහර දිම, අයුතු ඇතුළු වීම, අයුතු ජනරාශිය, ලිංගික අතවරය, සාපරාධි බියගැන්වීම, අඩත්තේට්ටම් සිදුකිරිම, අයුතු අවහිරය, විහාරස්ථානයේ  දේපළවලට අනර්ථය සිදු කිරීම හා අසභ්‍යය වීඩියෝ දර්ශන  ප්‍රචාරය කිරිම යන චෝදනා යටතේ නවගමුව පොලිසිය විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත කිරීමෙන් අනතුරුව ඔවුන් රිමාන්ඩ් කර තිබිණි.

නොවැම්බර් මස 29 දින යළි නඩුව කැදවීමට නියමිත වේ  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!