විල්පත්තු වනජීවී ප්‍රේරක කලාපයේ සැණකෙළියක් සංවිධානය කර ඇති අවුරා ලංකා ආයතනයේ සභාපති නන්දික විරන්ජිත් තාඹුගල තමන්ට එම ප්‍රසංග භූමිියේ දී මරණීය තර්ජන කරන ලදැයි රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරී සටහනක් තබා ඇත.
එම සටහනේ දැක්වෙන්නේ “ඕඅයිසී මම දකිනකොට හැංගෙන්නේ ඇයි ? කෝටි ගණන් වියදම් කළේ දවස් 20ක් ගහන්න. උඹ දැනගනින් උඹේ යුනිෆෝර්ම් එක ගලවනවා” යැයි කියමින් අවුරා ලංකා සභාපතිවරයා තමන්ට මරණ තර්ජනය කළ බවයි.
සැකකරු එම අවසාවේ අත්අඩංගුවට ගතහොත් සාමය කඩවීමට ඉඩක තිබූ හෙයින් ඔහුව අත්අඩංගුවට නොගත් බවත් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
විල්පත්තු වනජීවී ප්‍රේරක කලාපයේ රාජාංගණය යාය 18 ප්‍රදේශයේ පැවැත්වෙන මෙම සැණකෙළියට ගොවිජන සංවිධානවලත්, ප්‍රදේශවාසීන්ගේත් දැඩි විරෝධතාවක් එල්ල වී ඇත.
Country needs JVP.