-0.7 C
New York

ආගමික ස්ථානවල වත්කම් සොයන්න සංගණනයක්

Published:

බෞද්ධ විහාරස්ථාන ඇතුළු සියලුම ආකාරයේ ආගමික ස්ථානවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණනයක් කරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම කාර්යය සිදුකරනු ලබන්නේ මහා නායක හිමිවරුන්ගේ සහ සියලු ආගමික නායකයන්ගේ එකඟතාව මත ආගමික කටයුතු දෙපාර්තමේන්තුවෙන් බව අමාත්‍ය විදුර වික්‍රමනායක කීවේය.

බොහෝ ආගමික ස්ථානවලට ආධාර උපකාර ලැබෙන ක්‍රම සම්බන්ධයෙන් ගැටලු ඇති බවත්, ඒවායේ පරිපාලන කමිටු සම්බන්ධයෙන් ද ප්‍රශ්න ඇතිවී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ආගමික ස්ථාන සතුව ඇති නිශ්චල සහ චංචල දේපළ මෙන්ම බැංකු ගිනුම් ඇතුළු වත්කම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නොමැතවීම නිසා ගැටලුකාරී තත්වයන් නිතරම ඇතිවන බැවින් මෙවැනි තීරණයක් ගත් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වෙහෙර විහාර සතුව ඇති අලි ඇතුන් සම්බන්ධයෙන් පවා ‍අමාත්‍යාංශය සතුව කිසිම පැහැදිළි හෝ නිරවුල් තොරතුරු නොමැති වීම නිසා මෙවැනි සංගණනයක අවශ්‍යතාව දැඩිව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img