කොරෝනා මරණ හතරක් පිළිබඳ තොරතුරු අද (10) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගියේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙලෙස මියගොස් ඇති අය අතර රාජගිරියේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 51 හැවිරිදි අයකු සිටින බවයි. ඔහු කොළඹ ජාතික රෝහලට පසුගිය 07 වැනි දා ඇතුළත් කර තිබෙන අතර මියගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් බවට වාර්තා කර ඇත.
කොවිඩ් 19 හේතුවෙන් ශ්වසන පද්ධතියේ ආබාධයකින් කොළඹ 10 පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු ද මියගොස් ඇතැයි වාර්තා කර ඇත. එම පුද්ගලයා 23 වැනි දා ජාතික රෝහලට ඇතුළත් කර එහි දී ම මියගොස් තිබේ
ගම්පහ උඩුගම්පළ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් ගම්පහ දිස්ත්‍රික් රෝහලට 09 වැනි දා ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.
වයස අවුරුද 55-60ත් අතර හඳුනානොගත් පිරිමි පුද්ගලයකුගේ දේහය 08 වැනි දින පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති අතර එහි දී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා බවට තහවුරු වී තිබේ. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා ආසදනයයි.