-0.1 C
New York

රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා සැකසුම් ස්ථාන තහනම් කරයි

Published:

තලේබාන් සංවිධානයේ නියෝග මත ඉදිරි සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය පුරා කොණ්ඩා සැකසුම් ස්ථාන සහ රූපලාවන්‍යාගාර වසා දමනු ඇත.

වසර දෙකකට පෙර තලේබාන් සංවිධානය නැවත බලයට පත් වූ දා සිට රූපලාවන්‍යාගාරවලට දිගටම ක්‍රියාත්මක වීමට අවසර දී ඇති නමුත් එය පසුගිය මාසයේදී එහි ස්ථාවරය වෙනස් කළේය.

රූපලාවන්‍යාගාර වසා දැමීම හේතුවෙන් රැකියා 60,000ක් අහිමි වනු ඇත.

දැනටමත් කාන්තාවන්ට විවෘත අවකාශයන් සීමා කර ඇති අතර පන්ති කාමර, ජිම් සහ උද්‍යාන කාන්තාවන්ට තහනම් කර ඇත.

2021 අගෝස්තු මාසයේදී එක්සත් ජනපද හමුදා රටෙන් ඉවත් කර ගත් අතර තලෙයිබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු රටේ ආර්ථික අර්බුදය ක්‍රමයෙන් උත්සන්න විය.

එතැන් සිට කාන්තා නිදහස ක්‍රමයෙන් හැකිලී ගියේය.

https://www.bbc.com/news/world-asia-66271855

Related articles

Recent articles

spot_img