-0.1 C
New York

බීමතින් රිය අනතුරක් සිදුකළ අධිකරණ ඇමැතිනිය ඉල්ලා අස්වෙයි

Published:

රිය අනතුරකින් අනතුරුව සිදුකල මත්පැන් පරීක්ෂාව අසමත් වීමෙන් පසු නවසීලන්ත අධිකරණ අමාත්‍යවරිය සිය ධූරයෙන් ඉල්ලා අත් වී තිබේ.

39 හැවිරිදි කිරි ඇලන්ට නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ අත්අඩංගුවට ගැනීමට ප්‍රතිරෝධය දැක්වීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල විය. ඉරිදා රාත්‍රියේ වෙලින්ටන් අගනුවර සිදුවූ මෙම අනතුරෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

නවසීලන්තයේ මැතිවරණය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර මැතිවරණයට පෙර මාර්තු මාසයේ සිට අගමැති ක්‍රිස් හිප්කින්ස්ගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව ගිය සිව්වන ඇමතිවරිය ඇයයි. ඇලන් මහත්මිය දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස රැඳී සිටිනු ඇත.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය හතරක් පොලිස් ස්ථානයක රඳවාගෙන සිටි අතර පසුව ඇයව නිදහස් කර තිබේ. පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අගමැති හිප්කින්ස් මහතා පවසන්නේ ඇලන් මහත්මිය “දැඩි මානසික පීඩාවකින්” පෙළෙන බවයි.

ප්‍රාදේශීය සංවර්ධනය, සංරක්ෂණය සහ හදිසි කළමනාකරණය පිළිබඳ අමාත්‍යවරිය ද වූ ඇලන් මහත්මිය “පෞද්ගලික දුෂ්කරතා” හේතුවෙන් මෑතකදී නිවාඩු ලබාගෙන ඇති අතර, පසුගිය සඳුදා පමණක් නැවත සේවයට පැමිණියේය.

ඇය පසුගිය මාසයේ තම සහකරුගෙන් වෙන්වීම තහවුරු කළ අතර කාර්ය මණ්ඩලය සමඟ දුර්වල සේවා සබඳතා පිළිබඳ චෝදනාවලට ද මුහුණ දී සිටී.

සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් ඇලන් මහත්මිය කියා සිටියේ තම රැකියාව සමඟ පුද්ගලික අභියෝග හසුරුවා ගත හැකි යැයි විශ්වාස කරමින් තමා නැවත පාර්ලිමේන්තුවට පැමිණි බවයි.

“ඊයේ මගේ ක්‍රියාවෙන් පෙනෙන්නේ මම හොඳ නැති බවයි,” ඇය කියා සිටියේය.

ඇයගේ ඉල්ලා අස්වීම පක්ෂයේ “අවුල් සහගත” බව පෙන්නුම් කරන අතර එය හිප්කින්ස් මහතා පිළිගෙන තිබේ.

ප්‍රවාහන හා ආගමන අමාත්‍ය මයිකල් වුඩ් කොටස් හිමිකාරිත්වය සම්බන්ධයෙන් ගැටුමක් හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජුනි මාසයේදී ඉල්ලා අස්විය. මීට මාසයකට පෙර රේගු අමාත්‍ය මේකා වයිටිරි වෙනත් පක්ෂයකට සම්බන්ධ වීමට පැති මාරු කළේය.

මාස හතරකට පෙර, මාර්තු මාසයේදී පොලිස් ඇමති ස්ටුවර්ට් නෑෂ් ද සේවයෙන් පහ කරනු ලැබුවේ ඔහු පරිත්‍යාගශීලීන්ට රහසිගත තොරතුරු ලබා දුන් බව හෙළි වීමෙන් පසුවය.

https://www.bbc.com/news/world-asia-66286475

Related articles

Recent articles

spot_img