spot_img
spot_imgspot_img

මාලිමාව, සර්ව පාක්ෂික සමුළුවෙන් ඉවත් වෙයි. 13 පෙන්වා ඡන්ද ගන්නා බව කියයි

පුවත්

විදෙස්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පිළිබඳ සිදුකරන සාකච්ඡා සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහභාගී නොවන බව ඊයේ (23) එම පක්ෂය නිල වශයෙන් ප්‍රකාශ කළේය.

‍මේ සඳහා සර්ව පාක්ෂික සමුළුව 26 වැනි දා පැවැත්වීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය පවසන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව රැවටීමේ පියවරක් බැවින් ඊට සහභාගී නොවන බවයි. ඉදිරි මැතිවරණයේ දී ජනතාව රවටා ඡන්ද ගොඩ වැඩිකිරීමේ සූදානමක් ලෙස 13 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බව ඔවුන් පවසයි. රනිල් වික්‍රමසිංහ පැවසුවේ පසුගිය පෙබරවාරි මාසය වනවිට සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව වුව ද ඒ පොරොන්දුව ඉටුනොකළ බව ද ජාතික ජන බලවේගය නගන චෝදනාවකි.

සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂය සහභාගීවන බවයි. එහි දී තම පක්ෂය විසින් මතුකිරීමට බලාපොරොත්තු වන කරුණු සම්බන්ධයෙන් අද (24) ඒකබද්ධ විපක්ෂ රැස්වීමේ දී සාකච්ඡා කරන බව ද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම කරුණු තීරණාත්මක සාධකයක් ලෙස සළකන බැවින් සර්ව පාක්ෂික සමුළුවට සහභාගීවන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කීවේය. එමෙන් ම සුළු ජාතික ප්‍රශ්න විසඳීමට රජය ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට තම පක්ෂයේ සහය ලබාදෙන බව ද හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!