spot_img
spot_imgspot_img

භූමිකම්පාවක්, පැය දෙකකට පෙර හඳුනාගත හැකි ක්‍රමයක් සොයා ගනී

පුවත්

විදෙස්

භූමිකම්පාවක් සිදුවීමට පැය 02කට පමණ පෙර GPS දත්තවල ඇතිවන දෝෂ විශ්ලේෂණයෙන් භූමිකම්පාවක් කල්තියා හඳුනාගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

භූමිකම්පාවක් සිදුවීමට පෙර එලෙස පූර්ව හඳුනාගැනීමේ ‍ක්‍රමයක් මෙතෙක් ලෝකයේ නොතිබුණු බැවින් මෙම ක්‍රමය වැඩිදියුණු කළහොත් එය ලෝකයේ ඉතා වටිනා සොයාගැනීමක් වනු ඇත.

ලොව පුරා සිදු වූ විශාල භූමිකම්පා 100කට ආසන්න සංඛ්‍යාවකින් ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS) කාල ශ්‍රේණියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් භූ කම්පන මෙම හැකියාව පිළිබඳ සාක්ෂි අනාවරණය වී ඇත.

මෙම පර්යේෂණය සිදුකළ කණ්ඩායමේ Roland Bürgmann මෙසේ කියයි.

“භූමිකම්පාවක අපි කේන්ද්‍රය බොහෝ විට අවම වශයෙන් පැයක පමණ පූර්ව අවධියක් ගතකරන බව තහවරු කළ හැකියි. එය විශ්වාදායී ලෙස හඳුනාගැනීමට සහ මැනීමට අපි මේ ක්‍රමය වැඩිදියුණු කළ යුතුයි. එව්ට පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමේ හැකියාව පවතිනවා.”  

විශාල භූමිකම්පා පුරෝකථනය කිරීමේ ක්‍රමවේදයක් සොයා ගැනීම සඳහා දශක ගණනාවක් තිස්සේ පර්යේෂණ කර තිබුණ ද ඒ සඳහා පැහැදිළි ඉලක්කයක් හෝ සාක්ෂියක් මෙතෙක් ලැබී තිබුණේ නැත.

පර්යේෂකයන් පවසන්නේ කෙටිකාලීනව නිකුත් කළ හැකි මෙවැනි භූමිකම්පා අනාවැකි භෞතික පූර්වගාමී සංඥා මත රඳා පවතින බවයි. ප්‍රධාන කම්පනයක් සිදුවීමට පෙර මන්දගාමී කම්පන හෝ ලිස්සායාම් දැකිය හැකි අතර එම නිරීක්ෂණ සහ භූ කම්පන අතර සම්බන්ධය තවමත් තේරුම්ගත නොහැකි බවයි. ඇතැම් අවස්ථාවල දී සිදුවන සුළු භූමිකම්පා සහ ලිස්සා යාම් විශාල භූමිකම්පාවක පෙර නිමිත්තක් නොවන අතර එවැනි සුළු භූමිකම්පා හෝ ලිස්සා යාම් නොමැතිව ම විශාල භූමිකම්පා සිදුවීම භූමිකම්පා පිළිබඳ පූරෝකථන කිරීම ප්‍රශ්නකාරී තත්වයකට පත්කරයි.

මෙම නවතම පරීක්ෂණයේ දී පර්යේෂණයේදී, Quentin Bletery සහ Jean-Mathieu Nocquet විසින් විශාල භූමිකම්පාවලට පෙර කෙටි කාලීන පූර්වගාමී දෝෂ සඳහා පුළුල් ගෝලීය සෙවීමක් ඉදිරිපත් කරයි. ලොව පුරා භූගෝලීය ස්ථාන 3,026 කින් ගෝලීය ඉහළ අනුපාත GPS කාල ශ්‍රේණි දත්ත භාවිතා කරමින්, Bletery සහ Noquet විසින්  රිච්ටර් මාපකයේ ඒකක 07 හෝ ඊට අගයක් ගන්නා භූමිකම්පා 90 ක දත්ත විශ්ලේෂණය  කර තිබේ. එම භූමිකම්පා සිදුවීමට පැය දෙකකට GPS පද්ධතිවල ඇතිවන දෝෂ විස්ථාපනය තක්සේරු කරන ලදී. මෙම දත්තවල සංඛ්‍යානමය විශ්ලේෂණ මගින් සියුම් සංඥාවක් හෙළිදරව් කරන ලද අතර, එය භූමිකම්පාවක් සිදුවීමට පැය දෙකකට පමණ පෙර ආරම්භ වූ භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ආසන්නයේ වෙනස්කම් සමඟ සමපාත වී ඇත

අධ්‍යයනයේ වැදගත්කම සහ සීමා

පර්යේෂකයන්ට අනුව, මෙම සොයාගැනීම් යෝජනා කරන්නේ බොහෝ විශාල භූමිකම්පා භූ තැටි ලිස්සායාමේ පූර්ව අවධියකින් ආරම්භ වන බවයි, නැතහොත් නිරීක්ෂණ මගින් පූර්වගාමී ලිස්සා යාමේ ක්‍රියාවලිය මැනීමට දිගු හා වඩා අභියෝගාත්මක අවසාන කොටස නියෝජනය කළ හැකිය. විශාල භූමිකම්පාවලට පෙර පූර්වගාමී සංඥාවක් පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළද, Bletery සහ Noquet අනතුරු අඟවන්නේ වත්මන් භූමිකම්පා නිරීක්ෂණ උපකරණවලට තනි භූමිකම්පාවල පරිමාණයෙන් පූර්වගාමී ලිස්සායාම් හඳුනා ගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට අවශ්‍ය ආවරණය සහ නිරවද්‍යතාවය නොමැති බවයි.

Bletery සහ Nocquet හි ප්‍රතිඵලවලින් හැඟවෙන්නේ සැබවින් ම පැය ගණනක පුර්වගාමී අවධියක් පැවතිය හැකි නමුත්, එවැනි මන්දගාමී-ලිස්සායාමේ ත්වරණයන් විශාල භූමිකම්පා සමඟ පැහැදිළිව සම්බන්ධ වී තිබේද නැතහොත් ප්‍රයෝජනවත් අනතුරු ඇඟවීමක් සැපයීමට අවශ්‍ය නිරවද්‍යතාවයෙන් තනි සිදුවීම් සඳහා ඒවා මැනිය හැකිද යන්න පැහැදිලි නැති  බවයි.

එසේ වුව ද මෙම සොයා ගැනීම ලෝකයේ මෙතෙක් තිබූ බරපතල ගැටලුවකට විද්‍යාත්මක විසඳුමක් ලබාදීමක් බව ලොව විද්‍යාඥයන්ගේ පිළිගැනීම වී ඇත. මෙම ක්‍රමය වඩාත් සංවේදී උපකරණ භාවිතයෙන් දියුණුකළ හැකි වුවහොත් තවත් වසර කිහිපයක් යනවිට ලෝකයේ සිදුවන භූමිකම්පා කල්තියා හඳුනාගැනීමේ ක්‍රමවේදය වඩාත් සාර්ථකවනු ඇත.

මිනිසාට මිහිතලයේ ජයගත නොහැකිව තිබූ අභියෝගයක් ජය ගැනීමට දැන් සාක්ෂි ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!