spot_img
spot_imgspot_img

මුල්ලකට තල්ලුකර දමා තිබූ අස්ථි ගොඩකින්, ඩයිනෝස‍රයෙක් මතුවෙයි

පුවත්

විදෙස්

ජර්මනියේ, බර්ලින් නුවර පිහිටි ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ අමතක කර දමා තිබූ පාෂාණීභූත වූ අස්ථි කොටස් ලේඛන ගත කිරීමේ දී නව ඩයිනෝසර් විශේෂයක් සොයාගත් බව විදයාඥයන් පිරිසක් තහවුරු කර තිබේ.

මෙම නව ඩයිනෝසර් විශේෂය පාද හතරකින් ඇවිද ගිය දැවැන්ත ශාක භක්ෂකයෙකි. අදින් වසර ලක්ෂ 750කට පමණ පෙර ජීවත් වූ බව සැළකෙන මේ ඩයිනෝසරයාගේ පොසිල කොටස් සොයාගෙන ඇත්තේ 1977 වර්ෂයේ ඊජිප්තුවෙනි. ඊජිප්තුවේ බටහිර ප්‍රදේශයේ පිහිටි Kharga Oasis නම් ප්‍රදේශයේ තිබී සොයාගන්නා ලද කශේරුකා, උරහිස් අස්ථි, අත් සහ පාද අසස්ථි මෙන්ම ශ්‍රේණි අස්ථි ද මෙම නව සොයාගැනීමට ඉවහල් වී ඇත.

මෙම නව ඩයිනෝසර් විශේෂය පිළිබඳ අධ්‍යයනය මෙම අධ්‍යයනය Journal of Vertebrate Paleontology නමැති ජාත්‍යන්තර සඟරාවේ ජූලි මස 20 වැනි දින පළකර තිබිණි.

Mansoura විශ්වවිද්‍යාල පෘෂ්ඨවංශික කැණීම් මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ විද්‍යාත්මක පත්‍රිකාවේ සම කර්තෘවරයෙකු වන හිෂාම් සලාම් පවසන්නේ මේ සොයා ගැනීම ඉතාමත් සිත්ගන්නා සුළු දෙයක් බවයි.

“මේ අස්ථි කොටස් සොයාගෙන තිබුණේ 1977 දී ජර්මානු විද්‍යාඥයන් පිරිසක් විසින්,  ඊජිප්තු බටහිර කාන්තාරයේ භූ විද්‍යාත්මක අධ්‍යයනය සඳහා ජර්මානු ව්‍යාපෘතියේ ආවරණය යටතේයි. ඊජිප්තු ඩයිනෝසෝරයාගේ අස්ථි කොටස් බර්ලින් විශ්වවිද්‍යාලයට ගෙනවිත් තිබෙනවා. ඉන්පසු, වසර 45ක පමණ කාලයක් මේ පොසිල ජර්මිනියේ කෞතුකාගාරවල සහ විශ්වවිද්‍යාලවල හුවමාරු වෙලා පස්සේ බර්ලිනයේ ස්වභාවික විද්‍යා කෞතුගාරයේ තැන්පත් කර තිබෙනවා. එහි දී තමයි අපි මේ අස්ථි ලේඛනගත කළේ. එවිට තේරුම්ගියා මේ සත්වය මෙතෙක් ලෝකයේ වාර්තා නොකළ නව විශේෂයක් බව.”

මෙම නව විශේෂයට පැරණි ජර්මානු භාෂාවෙන් Igai Semkhu ලෙස හඳුන්වා තිබේ.

Igai යන වචනයේ තේරුම “විදෙස් හිමිකරුවා” යන්නයි. Semkhu යන්නෙහි තේරුම “අමතක වූ” යන්නයි. එ් අනුව අමතක වූ විදෙස් හිමිකරුවා යන අර්ථය ඇතිව ඩයිනෝසර් විශේෂය Igai Semkhu හඳුන්වාදීමට පර්යේෂකයන් කටයුතු කර ඇත.

ඔවුන් පවසන්නේ මේ ආකාරයට ජර්මනියේ කෞතුකාගාරවල සහ සුරක්ෂිතාගාරවල අමතක වී තිබී අලුතෙන් හඳුනාගත් හත්වැනි ඊජිප්තු ඩයිනෝසර් විශේෂය මෙය බවයි.

බෙන්හා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් මෙන් ම පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙක් වන සලාම් ලාබ් සහ අධ්‍යයනයේ කතුවරයකු වන බෙලාල් සාලෙම් පවසන්නේ Igai Semkhu  යෝධ  ටයිටනෝසෝරයන්ගේ කාණ්ඩයට අයත්වන බවයි. විශේෂයෙන් සල්ටසෝරිඩේ පවුලට අයත් බව තහවුරු කළේය.

ඔවුන් මීර 10-15ක් පමණ විශාලත්වයකින් යුතු දැවැන්ත සිරුරක් හිමි Mansourasaurus සතුන්ටත් වඩා විශාල බවත් අස්ථි කොටස්වලින් නිගමනය කළ හැකියැයි ද පර්යේෂකයෝ කියති. ක්‍රිටේසියස් යුගය අවසාන කාලයේ පාද හතරකින් ඇවිද ගිය යෝද ඩයිනෝසරයන් වර්තාමාන උතුරු අප්‍රිකාවේ සහ යුරේසියාවේ ප්‍රදේශ ගණනාවක ජීවත් වූ බව මෙතෙක් සිදුකරන ලද අධ්‍යයනවලින් තහවරු වී ඇත.

උතුරු අප්‍රිකාවේ සහ මැදපෙරදිග කලාපයේ ඩයිනෝසෝරයන්ගේ පරිණාමීය ඉතිහාසය බලාපොරොත්තු වූවාට වඩා සංකීර්ණ වූ බව ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකාව මගින් පෙන්වා දී තිබේ.

මෙම කලාපයෙන් සොයාගන්නා ෆොසිල ප්‍රමාණය වැඩිවීමත් සමඟ එය වඩාත් සංකීරණවන බව ඔවුහු කියති.

“ඊජිප්තු ඩයිනොසෝර Igai Semkhu සොයා ගැනීම වැදගත් විද්‍යාත්මක ජයග්‍රහණයක් නියෝජනය කරයි, මන්ද එය ඈත අතීතය සහ පෘථිවි පෘෂ්ඨයේ ඩයිනෝසෝරයන්ගේ පරිණාමය පිළිබඳ අපගේ අවබෝධය පොහොසත් කිරීමට දායක වන නිසා” යැයි සාලෙම් කියයි.

මෙවැනි සොයාගැනීම් සමස්ත ලෝකයේ ම වටිනා ස්වභාවික උරුමය ආරක්ෂා කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව පර්යේෂකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!