spot_img
spot_imgspot_img

පාසල් වෙත විශේෂ නිවේදනයක් දෙයි – අගෝස්තුවේ දින 10 පාසල් නිවාඩුවක්

පුවත්

විදෙස්

රජයේ සහ රජයේ අනුමත සියලු සිංහල සහ දෙමළ පාසල්වල 2023 අධ්‍යයන වර්ෂයට නියමිත දෙවැනි හා තුන්වැනි පාසල් වාර සංශෝධනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ලබන සඳුදා (24) නැවත පාසල් ආරම්භ වන්නේ 2023 දෙවැනි වාර්ය සඳහාය. දෙවැනි වාරයේ පළමු අදියර 2023 අගෝස්තු 17 වැනි බ්‍රහස්පතින් දා පාසල් පැවැත්වීමෙන් අනතුරුව අවසන් වෙයි.

මේ අනුව අගොස්තු මස 18 වැනි දා සිට අගෝස්තු මස 27 දින දක්වා සියලුම සතියේ දිනවල පාසල් නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර දෙවැනි වාරයේ දෙවැනි අදියර ආරම්භ කරන්නේ 2023 අගෝස්තු මස 28 වැනි සඳුදා දිනයේ දී ය.

දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් මස 27 වැනි සිකුරාදා පාසල් පැවැත්වීමෙන් පසු අවසන් වෙයි.

2023 අධ්‍යයන වර්ෂයේ තුන්වැනි පාසල් වාරය ඊට පසු සතියේ සඳුදා එනම් ඔක්තෝබර් 30 ආරම්භවන අතර පළමු අදියර නොවැම්බර් 24 වැනි සිකුරාදා පාසල් පැවැත්වීමෙන් පසු අවසන් වේ.

ඉන් පසු නොවැම්බර් 25 වැනි දින සිට දෙසැම්බර් 31 දක්වා නිවාඩු කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර එම කාලයේ දී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙයි. ඉන් අනතුරුව 2024 ජනවාරි 01 වැනි සඳුදා දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භකරන අතර 2024 පෙබරවාරි මස 16 වැනි සිකුරාදා පාසල් පැවැත්වීමෙන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් කිරීමට නියමිතය.

මේ අතරතුර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 15 වැනි දින පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!