-2.5 C
New York

සෞඛ්‍ය ගැටලු ජනතාවගෙන් හංඟන්න, සෞඛ්‍ය සේවකයන්ගේ කට වැහීමේ තැතක්

Published:

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන ගැටලු ජනතාවගෙන් සැඟවීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කරමින් අනීතික ලෙස චක්‍රලේඛ නිකුත් කිරීම සම්බන්ධයෙන් තම විරෝධතාව ප්‍රකාශ කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෙනුරවෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ද ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දෙන නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සෞඛ්‍ය සේවාවට අදාළ සියලු නිලධාරීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබිණි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සහ මාධ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව පවසන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත්කර ඇති චක්‍රලේඛය මගින් ආයතන සංග්‍රහයට සහ ඇතැම් නඩු තීන්දුවලට අදාළව සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ලෙස බලපාන උධෘත සඳහන් කර ඇති බවයි. නමුත් වෘත්තීය සමිතියක හෝ වෘත්තීයවේදීණ්ගේ විද්වත් සංගමයක නිලධාරීන් සඳහා ආයතන සංග්‍රහයේ ම පවතින විධිවිධාන සහ වෘත්තීය සමිති ආඥා පනත, වෘත්තීයවේදීන්ගේ සංගම් ලියාපදිංචි කිරීමේ පනත සහ රාජ්‍ය සේවකයන් ලෙස අදහස් ප්‍රකාශ කිරීෆම් අයිතිය තහවරු කරන ලද නඩු තීන්දු කිසිව්ක පිළිබඳ එහි සඳහන් කර නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

“මේ චක්‍රලේඛය හිතාමතාම වෘත්තීය සමිති මර්ධනය කිරීමට සහ දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සඟවා ගැනීමට අත්තනෝමතික ලෙස යොදාගන්නා බව පෙනෙන්නට තිබෙනවා. ඒ ිනසා අපි එය තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමත් අපි කටයුතු කරනවා. අපි මේ චක්‍රලේඛය බල රහිත කරන ලෙස ඉල්ලා සිටිනවා.” යැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කීවේය.

කෙසේවෙතත් වෘත්තීය සමිති හා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගම්වල නියෝජිතයන් සම්බන්ධයෙන් වන විධිවිධාන, අදාළ චක්‍රලේඛය මගින් නිශ්චිතව පැහැදිලි කර නොමැති බව පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දී ඇත.

Related articles

Recent articles

spot_img