spot_img

පාසල් අධ්‍යාපනයේ ලොකු වෙනසක්, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වෙනස් කරයි ?

පුවත්

විදෙස්

පාසල් දරුවන් සඳහා විභාග පැවැත්වීමේ ක්‍රමයේ වෙනසක් කළ යුතු යැයි නිර්දේශ ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පිහිටුවනු ලැබූ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් මගින් මෙම නිර්දේශ දී ඇත.

එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අධිකරණ අමාත්‍ය වි‍ජේදාස රාජපක්ෂ කියා සිටියේ, ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණියේ දී නොව 10 වැනි ශ්‍රේණියේ දී පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය 12 වැනි ශ්‍රේණියේ දී පැවැත්වීමටත් නිර්දේශ කළ බවයි.

මේ වනවිට එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

1 COMMENT

  1. ඔය ක්‍රමය ඉස්සරත් තිබුන. අධ්‍යාපන චක්‍රයේ දිග අඩු වන එක හොඳයි. විභාග ක්‍රමය සිමෙස්තර ක්‍රමයට සිදු කොට අවසන් විභාගයට එහි සාමාන්‍යය ගණනය කොට පොදු විභාග ලකුණු 40% කට ගේන්න. ප්‍රාඨමික අවධිය විභාග ඉවත් කරන්න. උසස් විද්‍යාල වල ඇති ප්‍රාඨමික ඉවත් කරන්න. විද්‍යාල සියල්ල ප්‍රාඨමික ,ද්වීතියික ,උසස් හා වුර්තීය විද්‍යාල ලෙස වර්ග කරන්න. ක්‍රියාකාරකම් ,කුසළතා හා නිපුණතා පාදක අනාගත වැඩ ලෝකය හා ගැලපෙන ක්‍රමයක් හදන්න. ඒකයි විය යුතු වෙනස මා දකින.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles